සාග් ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිර්දේශෙයන් තොරව ක්‍රීඩිකාවක් ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමක් වාර්තාවේ.
එම ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා නිල මලල ක්‍රීඩා කණ්ඩායමට මීටර 200 (කාන්තා) ඉසව්ව සදහා ක්‍රීඩිකාවන් දෙදෙනකු තීරණය කර තිබියදී ජාතික මලල ක්‍රීඩා තේරිම් කමිටුවේද නිර්දේශයෙන් තොරව ඒ සදහා ශෙලින්ඩා ජැන්සන් ඇතුළත් කිරීම මේ වනවිට ගැටලුවකට තුඩුදී තිබේ.

නේපාලයේ කත්මන්ඩු නුවරදී 13 වැනි සාග් ක්‍රීඩා උළෙල නිල වශයෙන් ලබන දෙසැම්බර් 1 වැනිදා ආරම්භ වන අතර එහි මලල ක්‍රීඩා තරගාවලිය දෙසැම්බර් 31 වැනිදා සිට 7 වැනිදා දක්වා කත්මණ්ඩු නුවර 'දසරත් රංගශාලා' ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

ඒ සඳහා මිටර 200 (කාන්තා) ඉසව්වෙන් ලංකාවෙන් නිල වශයෙන් නිර්දේශ වී සිටින්නේ නදීෂා රාමනායක (තත්පර 24.49) හා ෂර්මිලා ජෑන් (තත්පර 24.52) ය. ඒ සාග් ක්‍රීඩා උළෙලදි එක් මලල ක්‍රීඩා කේවල ඉසව්වකින් උපරිම ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙදෙනකු නිරිදේශ කිරීමේ පදනම මතය.

සාග් ක්‍රිඩා උළෙල සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවසන් නිර්දේශය ලබාගත් පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගි වූ ශෙෂලින්ඩා ජැන්සන් එහිදී ආබාධ තත්ත්වයක් දක්වමින් මූලික වටය පැවැත්වෙන අතර තරගාවලියෙන් ඉවත්ව ගිය බව සඳහන් වේ.

කෙසේ වුවත් සාග් ක්‍රීඩා උළෙලට ඇතුළත්වීම සඳහා ඇය ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව කියන අභියාචනාවද ප්‍රතික්ෂේප වී තිබේ.

මලල ක්‍රීඩා තේරීම් කමිටුව ප්‍රකාශ කරන්නේ ඇය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට 66 වැනි අවස්ථාව ලබා ගනිමින් මේ වන විට ඇතුළත් සිටියත් ක්‍රිඩා උළලට නිර්දේශ වූ ශ්‍රී ලංකා මලල කඩා කණ්ඩායමට නිල වශලයන් ඇතුළත් වන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 65 දෙනකු පමණක් බවයි. ඒ හේතුවෙන් ශෙලින්ඩා සාග් ක්‍රීඩා තරග සංචාරයට සහභාහි වුවත් ඇයට එහිදී තරග වැදීම් අවස්ථාව කිසිදු ලෙසකින්වත් හිමි නොවන බවත්
කී කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මීටර 200 (කාන්තා) ඉසව්වේ දක්‍ෂතා අතර ඇය පසුවන්නේ සිවු වැනි ස්ථානයේය. එහිදී පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ඇය තත්පර 24.60ක කාලයක් එම ඉසවන් වාර්තා කර ඇත.

තේරීම් ක්‍රියාපටිපාටියට අවනත නොවූ බව කියන දකුණු ආසියානු රන් පදක්කමලාහී උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර, යගුලිය - මිටිය විසි කිරීමේ ඉසව්වේ ජාතික තරග වාර්තාකරු චරිත් කපුකොටුව, ආසියානු ක්‍රීඩා උළෙල නියෝඡනය කළ දුර පැනීම් ක්‍රීඩික ප්‍රසාද් විමලසිරි ආදී ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනකු සාග් ක්‍රිඩා උළෙල සඳහා තරග වැදීමට අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කළ අභියාචනා ප්‍රතික්ෂේපවීම ද එහිදී කැපී පෙනේ.

මේ අතර මේ හා සමාන සිදුවීමක් සාග් ක්‍රීඩා උළලට නිර්දේශ වී සිටින ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමෙන් ද වාර්තා වේ. ඒ මීටර 200 (කාන්තා) සමනල ආර ඉසව් සඳහා කලින් නිර්දේශ වී සිටි අනිකා කපූර් වෙනුවට පසුව ඔනලී යහම්පත් ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමයි.

පසුව මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම සාග් ක්‍රීඩා දළලට නිර්දේශ වී සිටින බව වාර්තා වුවත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මිටර 200 (කාන්තා) සමනල ආර ඉසව්වට මේ වනවිට සිය නිර්දේශයෙන් තොරව ඔනලි යහම්පත් ඇතුළත් කර තිබෙන බවට වාර්තා වන බවයි.

මෙය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කර ඇතැයි ද එහි ප්‍රධානියෙකු ඊයේ පස්වරුවේදී පැවසීය.

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භකඋත්සවය ලබන දෙසැම්බර් 1 වැනිදා පැවැත්වුවත් ක්‍රීඩා උළලේ තරග ඉසව් මෙම 27 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

(නාමල් පතිරගේ)