https://www.gossiplankanews.com/2019/11/gotabaya-gazatte-army.html
සියලුම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා රාජකාරිවල යෙදවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙයි.
ඒ අනුව මහජන ආරක්ෂණ පනතින් ජනාධිපතිවරයා වෙත
පැවරී ඇති බලතල ප්‍රකාරව

කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව, ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25ටම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආරක්ෂාව සදහා යෙදවීමට නියමිතය.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව සඳහා පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.
නොවැම්බර් 22 සිකුරාදා සිට මෙම නියෝගය බල පැවැත්වේ.