විවාහක සැමියා හා තම දරුවන් සිවු දෙනා අතහැර අනියම් පෙම්වතකු හා පළා ගිය කාත්තාවක් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ
මහතා දින 14ක කාලයකට එම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. දරුවන් සිවු දෙනාට අවශ්‍ය පෝෂණය ආරක්ශාව ආදරය හා රැකවරණය ලබා නොදීම හේතුවෙන් මෙම මව රක්ෂිත බන්ධනාගාර ගන කර තිබේ.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලවාය ප්‍රදේශයේ
පදිංචි සිවු දරු මවක් හා අනියම් පෙම්වතෙකි.

අනියම් පෙම්වතා සමග පේරාදෙණිය ප්‍රදේශයේ සැගවී සිටින බවට ලැබුණු තොරතුරක් මත විවාහක පුරුෂයා විසින් එම ප්‍රදේශයට ගොස් මෙම කාන්තාව යළි කැඳවාගෙන නිවසට යමින් සිටින අතරතුර අනියම් පෙම්වතා තවත් පිරිසක් සමග පැමිණ ඔහුට පහර දී ඇති බව ද හෙතෙම දිව ගොස් සැඟවී  බලා සිටින අතරතුර බිරිඳ එසේ පැමිණි පුද්ගලයකුගේ යතුරුපැදියක නැගී යනු දැක ඇති බවද ඇගේ ස්වාමි පුරුෂයා කියයි.

පසුව මේ සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමේන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 -අයි.ආර්.ඉන්දික-