සබරගමු විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයකු හදිසියේ රෝගාතුරවී බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර
යැවීමෙන් පසු පෙරේදා
(3දා) මියගොස් තිබේ.
තිවන්ක ඉෂාන් නමැති වලපනේ ප්‍රදේශයේ පදිංචි සිසුවකු මෙලෙස මියගොස් තිබේ.
පසුගිය 2දා පස්වරුවේ මෙම සිසුවා තවත් ිසසුන් පිරිසක් සමග සංගීත භාණ්ඩ කිහිපයක් පුහුණුවෙමින් සිටින අවස්ථාවක එක්වරම ක්ලාන්තය ඇති වී අසාධ්‍ය තත්වයක් පෙන්නමු කළෙන් සිසු මිතුරන් එක්වී ඔහුව බළන්ගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර
තිබේ. එහිදී එම සිසුවාගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු පෙරේදා (3දා) මියගොස් තිබේ.
මරණයට හේතුව පැහැදිලි නැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබේ.