https://www.gossiplankanews.com/2019/11/jaffna-medical-student-death.html
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලද සිසුවකු ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන
ඇති අතර මළ සිරුර දින කිහිපයකට පසුව පෙරේදා(3දා) දින සොයාගෙන තිබුණි.
පොලිසිය පැවැසුවේ අදාළ සිසුවා රැඳී සිටි නේවාසිකාගාර කාමරය දින කිහිපයක් වසා තිබුණු බවත් පසුව කාමරය තුළින් දුගඳ හැමීම සම්බන්ධයෙන්
අනෙක් සිසුන් පරීක්ෂා කිරීමේදී සිසුවා

සිය දිවි හානිකරගෙන ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිවුවැනි වසර අධ්‍යාපනය ලද මන්නාරම පල්ලිමුනෙයි
ප්‍රදේශයේ පදිංචි නියුමන් නමැති වයස අවුරුදු 26ක සිසුවකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය. විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන් ඇතිවූ මානසික ගැටලුවක් හේතුවෙන් මෙසේ සිය දිවි හානිකර ගන්නට ඇති බවට පොලිසිය සැක පළ කර සිටින අතර මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඔහු සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ වලදී විභාගය අසමත්වනු ඇති බවට ඔහු තුළ විශාල බියක් හා කලකිරීමක් තිබී ඇති අතර අධික පීඩනයෙන් කල්ගෙවූ බවට සාක්ෂි හමුවී ඇත.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මාතෘ ශරීරාගාරය වෙත
ඇතුළත් කොට ඇති බවට පරීක්ෂණ සිදුකරන යාපනය පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

මුලතිව් ශෂිකුමාර් සහ වවුනියාව - රසාදි චතුරංගි ගමගේ