නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී තම දේශපාලන ස්ථාවරය පිළිබඳව පක්ෂ සභාපති වන ජනපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කිරීමට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ලිපියක්
යවා තිබෙනවා.

ශ්‍රීලනිපය, පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබා දීම පිළිබඳව මාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාව නියමිත පරිදි කැඳවා තීරණයක් ගෙන නොමැති අතර ඇය පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකාවක් වුවත් 2018 ජුනි මස සිට මේ දක්වා කිසිඳු මධ්‍යම කාරක සභා රැස්වීමක් දැනුම් දී නැති බවත් ඇය එම ලිපියේ සඳහන් කර තිබුණා.

එම ලිපිය පහතින්.