https://www.gossiplankanews.com/2019/11/rupavahini-mud-video-issue.html
යේ (07දා) රාත්‍රී ජාතික රූපවාහිනි සංස්ථාව තුළ අපේක්ෂකයකුට අගතියක් වන ආකාරයේ වැඩ සටහනක් පිළියෙල කරමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව
කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නිලධාරීන් පිරිසක් හා අතිරේක දිසාලේකම් එහි ගිය අවස්ථාවේ ඔවුන් අවහිර කිරීමේ සිද්ධියක් නිසා කලබලයක් හටගෙන තිබේ.
සංස්ථාවේ පිරිසක් මඩ වීඩියෝවක් නිර්මාණය කරමින් සිටිනවායයිද මේ වෙලාවේ ආවොත් එය අතටම හසුකරගත හැකි යයිද රූපවාහිනිය ඇතුලේ සේවය කරන ජනපති අපේක්ෂකයෙකුගේ ආධාර කරුවෙක් ඔත්තුවක් සපයා ඇති අතර එම කීම මත මෙම පිරිස රූපවාහිනී පරිශ්‍රයට ඇතුළුවී තිබේ.

පසුව අදාළ සංස්කරණ මැදිරිය වෙත ගියද එවැනි වීඩියෝවක් ඔවුන්ට හසුකරගන්නට බැරිව ගොස් ඇත.
පොලිසිය සමග රූපවාහිනීයට ඇතුළුවීම පහසුවෙන් සිදු කළත් ඇතුළට ගිය නිලධාරීන් අමාරුවේ වැටුනේ නැවත හිස් අතින් එළියට ඒමට යාමේදීය.
ඉහළින් ආ නියෝග මත පිරිසට පිටතට යන්නට දිය නොහැකි බවත් අනවසර ඇතුළුවීම සම්බන්ධයෙන් පියවර ගන්නට නියමිත බවත් රඳවාගත් පිරිස දැනුම්දී ඇත.
අනවසරයෙන් ප්‍රධාන පාලක මැදිරිය වීඩියෝ ගත කිරීමට මැතිවරණ නිලධාරීන්ට හෝ අවසර නැති බවත් එවැන්නක් සිදුව ඇති බවත් සේවකයින් චෝදනා කර තිබෙන අතර මේ හේතුවෙන් තත්වය උණුසුම් අතට හැරී ගොස් ඇත.
රූපවාහිනි සංස්ථාවේ සේවය කරන පිරිසක් එම නිලධාරීන් රඳවාගෙන සිටීම නිසා මේ පිළිබඳව ඔවුන්
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම්දීමෙන් පසු මහින්ද දේශප්‍රිය එහි ගොස් එම නිලධාරීන් සංස්ථාවෙන් එළියට කැඳවාගෙන පැමිණ ඇත. කෙසේ වෙතත් අනවසර ඇතුළුවීම ගැන සේවකයින්ද රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිලධාරීන්ද කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.
 ඊයේ (07දා) රාත්‍රියේ මෙම දෙපිරිස කුරුඳුවත්ත පොලිසියටද කැඳවා සිද්ධිය විභාග කර තිබේ.