දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා කෙටි විවේකයක් සඳහා ඊයේ (03දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ ය.

ජපානයේ යොකොහමා නුවරදී
පසුගියදා නිමාවූ ලෝක කුසලාන රග්බි අවසාන මහා තරගය නැරඹීමට ගොස් තිබූ ඒ මහතා සමග තවත් උසස් නිලධාරීන් අට දෙදෙනෙක්ද පැමිණ සිටියහ.

එම තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම 2019 ලෝක ශුරතාවය දිනා ගැනීමට සමත් වූ අතර මෙම පිරිස, දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (03දා) සවස 04.35 කටුනායක ගුවන් තොටුපළ අතිවිශේෂ අමුත්තක් මැදිරිය වෙත පැමිණියහ.

මෙම පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ මෙම පිරිසට අවශ්‍ය ආහාර ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ(03දා) සවස 06.00ට පමණ මෙම පිරිස යළිත් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබිණ.

කටුනායක ටී.කේ.ජී.කපිල