විදෙස්ගතව සිටින ඡන්දදායකයන්ගේ තොරතුරු අනුව වන ආකාරයට හැඳුනුම්පත් සකස් කර දිවයිනට නොපැමිණෙන ඡන්දදායකයන්යගේ ඡන්දය භාවිත කිරීමට සැලසුම් කර තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවට මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මේ නිසා විදේශගතව සිටින ඡන්දදායකයන් පිළිබද ග්‍රාම නිලධාරිවරයාගෙන් තොරතුරු ලබාගෙන ඡන්දපොළේ ඇති ඡන්දහිමි නාමලේඛනයේ සලකුණු කිරීමටත් කටයුතු කර තිබේ.

විදේශගතව සිටින ඡන්ද හිමියන්ගේ නිල ඡන්ද දැන්වීම් පතක් 2018 ජන්දහිම් නාමලේඛනයේ සඳහන් ලිපිනය වෙත යවා තිබෙන බවද
එම කොමිසම පෙන්වා දෙයි.

මීට අමතරව මෙරටට පැමිණ ඡන්දය භාවිත කරන විදේශගත ඡන්දදායකයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ.

විදේශගතව සිටින ඡන්දදායකයන් මෙරටට පැමිණි ජන්දය ප්‍රකාශ කිරීමේදී සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතට අමතරව වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මේ නිසා ඡන්දපොළට පැමිණීමේදි ජාතික හැඳුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රයද රැගෙන ආයුතු බවත්, විදේශ ගමන් බලපත්‍රය නොමැති වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කළ යුතු බවද එම කොමිසම වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කරන ඡන්දදායකයන්ට සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම් පනතේ ඇති අදාළ ආකෘතිය අනුව ප්‍රකාශයක්ද ඉදිරිපත් කිරීමට සිදුවන බවත්, එවැනි ප්‍රකාශයක් සිදු නොකරන ඡන්දදායකයන්ට ඡන්ද පත්‍රිකාවක් නිකුත්
නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට අමතරව මෙවැනි ඡන්දදායකයෙකුගේ අනන්‍යතාව පිළිබඳ සැකයක් ඇති වුවහොත් හාර ඡන්දයක් දැමීමට උත්සාහ කළ අයකු සේ සලකා වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් භාරයට ගැනීමට සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියි.

ඉන්දික හේවාවිතාරණ