තම නිලමුද්‍රාව ව්‍යාජව යොදාගනිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන මුද්දර භාවිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභය රාජපක්‍ෂ ගේ
මැතිවරණ පත්‍රිකා යැවීම පිළිබඳව විධිමත්
පරීක්‍ෂණයක් පවත්වන ලෙසට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
ඔහු ඒ ගැන මෙසේ කීය.

“පොහොට්ටුවේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මගේ නිල මුද්‍රාව ඉතා වංචනිකව යොදාගෙන , මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මුද්දර භාවිත කරමින් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභයට ජන්දය දෙන්න කියලා ලිපියක් මම යවන විදියට ජනතාවට යවලා. එවැනි ලිපි කිහිපයක් අපිට ලැබිලා තියෙනවා.

මේක මහා කුමන්ත්‍රණයක්. මේ ලියුම යවලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ගෙවල් වලට.මෙවැනි කුප්‍රකට ක්‍රියාවලින් මේ දකුණේ මිනිස්සු රවට්ටන්න බැහැ . හම්බන්තොට ජනතාව නැවත මෙවර රවට්ටන්න ලැබෙන්නේ නැහැ.”