https://www.gossiplankanews.com/2019/11/road-naming-new.html
ජයේ කාර්යාල වල දේශපාලන නායකයින්ගේ ඡායාරූප එල්ලා තැබීම වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් යොදන්නැයි අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමට දිගුවක් සපයමින් ප්‍රාදේශීය දේශපාලනඥයින් පාරවල් නවීකරණයේදී තම තමන්ගේ මුහුණු රූප යොදාගෙන අටවා තිබූ පුවරු වෙනස් කරනු පසුගිය දිනවල වාර්තා විය. එම පුවරු වල ප්‍රමාණය
ඇතැම් තැනක අඩි 3 ක්

පළල හා අඩි 2 ක් උස වූ අතර මෙතරම් විශාල පුවරුවේ  අදාළ දේශපාලකයින්ගේ මුහුණ හා විස්තර තිබූ කොටස් වෙනුවට එම හිස්තැනට දැන් යොදා ඇත්තේ පාරේ නම හා රාජ්‍ය ලාංඡනයයි, ජනපතිගේ නියමයට ඉක්මන් විසඳුමක් ලෙස තහඩු පුවරුව ඉවත් නොකොට තාවකාලිකව මුද්‍රණය කළ වැස්සට ඔරොත්තු දෙන බැනරයක් ලෙස මෙය දක්නට ලැබේ.
මෙහිදී පැපනැගි ගැටලු කිමහිපයකි.

ජනපතිවරයා රාජ්‍ය ආයතනවල තමාගේ හා අගමැතිගේ රූප ඉවත් කිරීමට නියෝග කිරීම හා පාරවල් වල ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ රූප ඉවත් කිරීම අතර සම්බන්ධයක් නැත එකිනෙක පරස්පර නිරූපණයන් වීම  එක් කාරණාවකි. ජනපතිත් තම රූපය යොදන්නට අකමැති නම් අපේ රූප එපා යයි ප්‍රාදේශීය නායකයින් කල්පණා කළා විය හැකිය.

මෙහි දෙවන කාරණය වන්නේ රාජ්‍ය ලාංඡනය පාරක් නාම කරණයේදී කෙතරම් වැදගත්ද යන්නය. රාජ්‍ය ලාංඡනය විශාල ලෙස යෙදීම මෙන්ම පාරේ නම තහඩුව පිරෙන්නට විශාල ෆොන්ටයකින් සටහන් කිරීමද හාස්‍යයට කරුණකි. මේ කාරනා ජනපති නියෝග වැරදියට තේරුම් ගැනීමක් ලෙස හදුනාගන්නට ලැබේ.