පණුවන් සහ ගුල්ලන් සහිත පරණ හාල් තොග අලුත් හාල්වලට මිශ්‍රකර විකිණිමේ  ජාවාරමක් පෙරේදා (26) පොලොන්නරුව වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ මහා පරිමාණ හාල්මෝලක් වැටලු පොලොන්නරුව
පාරිභෝගික සේවා
අධිකාරියේ නිලධාරීන් විසින් හෙළිකරගනු ලැබ ඇත. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොග දිවයිනේ විවිධ පළාත්වලට ‍බෙදාහැරිම සඳහා ඇසුරුම් කර තිබිණි යයි පොලොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී එච්.පී.සී. චන්ද්‍රකුමාර මහතා පැවසීය.‍

පොලොන්නරුව සහ වැලිකන්ද පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කීප දෙනකු ද එක් වී සිදුකළ මෙම වැටලීමේදි කල් ඉකුත් වූ සහල් සහිත මලු විශාල ප්‍රමාණයක් සොයාගත් අතර ඒවායින් ලබාගත් සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව පොලොන්නරුව පාරිශුද්ධික සේවා අධිකාරියේ ආයතන ප්‍රධානී එච්.පී.සී. චන්ද්‍රකුමාර මහතා පැසිය.

පාරිභෝහික සේවා අධිකාරියේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් කීප දෙනකු ද මේ සහල්මොලේ කටයුතු පිළිඳව සොයා බැලිමට අද (28) එහි යාමට නියමිත බවත් එතෙක් එම ස්ථානයට දැඩි ආරක්ෂාව යොදා ඇති බවත් චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේය. මෙම වැටලිමේදී අත්අඩංගුවට ගනු ලැබු පණුවන් සහ ගුල්ලන් සහිත කල් ඉකුත් වූ සහල් තොග මෙතෙක් නිශ්චිත වංශයෙන් ගණනය කර නොමැති බව ද ඔහු කීය.


-නිමල් ජයරත්න-