ඕමානයේ මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර සෘජු ගුවන් ගමන් යානයක් ආරම්භ කර
තිබේ.මේ අනුව

එහි මංගල ගුවන් ගමන් සිදු කරමින් සලාම් වීසා ගුවන් සේවයට අයත් ප්‍රථම ගුවන් යානය ඊයේ 25දා උදෑසන 8.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය.මෙම ගුවන් යානය ගුවන් නියමු කපිතාන් මොහොමඩ් අහමඩ් මහතා විසින් පදවාගෙන පැමීණි අතර එහි මඟින් 86 දෙනෙකු සහ 07 දෙනකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් ද පැමිණ තිබුණි.මෙම ගුවන් ගමන් සේවාව සතියේ සෑම සදුදා , බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දින වල උදෑසන 8.30 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ යළි‍ උදෑසන 9.10 ඕමානයේ මස්කට් බලා පිටත්ව යෑමට නියමිතය.