ඉතිහායේ ප්‍රථම වතාවට ජනාධිපති අපේක්ෂකයෙක් තරුණ ප්‍රඥප්තයකට අත්සන් කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“තරුණ තරිණියන්ගේ බලාපොරොත්තුව නිදහසේ ජීවත්වෙන එකයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන විට තරුණයන්ට විතරක් නෙමෙයි මාධ්‍යවේදීන්ටත් නිදහසේ වැඩ කරන්න බැරිවුණා.

 තරුණයන්ගේ ජීවිතය නිදහසේ ගත කරන්න නිදහස ලබාදෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පය අනුවයි.

ජනපති අපෙක්ෂකයෙක් කිසිම දිනයක නොකළ දෙයක් සජිත් ප්‍රේමදාස මහතා සිදුකළා. ඔහු තරුණ ප්‍රතිපත්තියක් එළිදක්වලා ඉතිහාසයේ පළමු වතාවට තරුණ සමාජයත් එක්ක ගිවිසුම් ගත වුණා.

ජාතිය ආගම කුලය අපිට අදාළ නෑ. හැමොට්ම එක හා සමාන අවස්ථාව දිය යුතුයි.අපිට ජනාධිපති අපේක්ෂකයා ගන කථා කරන්න  පුළුවන් වෙන්න ඕන. රටේ තීන්දු ගනිද්දී තරුණයන්ට අවස්ථාව දෙන්න ඕන.

මොරු ඇතිකරන අයත් එක්ක කථා කරන්න  පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නෑ. අපිට නම් හිට්ලර් වගේ පාලකයෝ ඕන නෑ. හිට්ලරුත් ආවේ ඡන්දෙන්. වෙජිටේරියන් තමයි. හැබැයි ලක්ෂ 60ක් මැරුවා. මෝරු ඇතිකරලා සුදු වෑන් ගෙනාපු නායකයෙක් නෙමෙයි.

වයස 70 හොඳයි විශ්‍රාම සුවයෙන් ඉන්න. වයස 52 තරුණ සජිත් ජනපති කරන්න”