https://www.gossiplankanews.com/2019/11/nishantha-silva-went-out-of-country.html
සුගියදා මාරුවක් ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ (24දා) දහවල් සිය දරු පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය බව වාර්තාවේ.
ලසන්ත ඝාතනය, සුදුවෑන් මගින් තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම,ඩි ඒ රාජපක්ෂ ස්මාරක නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතන, උපාලි තෙන්නකෝන් පහරදීම,
කීත් නොයාර් අඩන්තේට්ටම් කිරීම ඇතුළු

විවිධ සංසිද්ධි පිලිබද විමර්ශනය කරමින් හා ඒවාට සාක්ෂි සමග නඩු පවරා තිබූ නිලධාරියකු වූ නිශාන්ත සිල්වා මේ ආකාරයට රට හැර ගොස් ඇත්තේ පොලිසියට නොදන්වා බවද වාර්තාවෙ.

2018 නොවැම්බර් මස දින 52 රජයක් පිහිටවා තිබූ අවස්ථාවේද නිශාන්ත සිල්වා එම අපරාධ විමර්ශනයෙන් ඈත් කරමින් ඔහුව මීගමුව පොලිසියේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුවක් ලබාදී තිබුණි.
මීට ඉහත රටම කථාකළ සේයා සඳෙව්මි ඝාතනය,යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය, 2014 මහව කප්පම් සිද්ධිය ඇතුළු අපරාධ ගණනාවක විමර්ශන ඉතා සාර්ථක ලෙස මෙහෙයවූ නිලධාරියෙකු ලෙස නිශාන්ත සිල්වා ප්‍රකටව සිටියේය. ඔහුගේ සේවය යාපනයේ විනිසුරු ඉලංචේලියන් මහතාගේ ඇගයීමටද ලක්ව තිබුණි.

නව රජය යටතේ දින කිහිපයක් තුළ සීඅයිඩී ප්‍රධානී ශානි අබේසේකරවද මෙකී පරීක්ෂණ වලින් ඈත් කරමින් මාරුවක් ලබාදී තිබුනේ ගාල්ලටය. නිශාන්ත සිල්වාටද එවැනි මාරුවක් හෝ වෙනත් දඩුවමකට ලක්වන්නට ඉව වැටී මේ ආකාරයට රටින් පිටව යන්නට ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.