https://www.gossiplankanews.com/2019/11/new-tax-free-method.html
අද (27) දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී ජනතාව වෙනුවෙන් බදු සහන ගණනාවකින් යුතු පැකේජයක් අනුමත වූ බව නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
ඇමති බන්දුල ගුණවර්ධන සවස පැවති මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කළේය. ඒ අනුව මෙම සහන ඇතැම්වා ලබන දෙසැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මකය.
‘සෘජු  බදු‘ යටතේ  පුද්ගල ආදායම ඉලක්ක කෙරෙන පුද්ගල ආදායම් බද්ද සහ ලාභය ඉලක්ක කරගත් සමාගම් බද්ධ ත් ,  ‘වක්‍ර බදු‘ යටතේ  භාණ්ඩ හා සේවා  සහ බැංකු  මූල්‍ය  ඉලක්කරගත් වැට්  බද්ද , විශේෂ භාණ්ඩ හා සේවා බද්ද  සහ සරල රේගු ගාස්තු ව්‍යූහය ලෙසත් සමස්ථ බදු ක්‍රමය   ප්‍රතිව්‍යූහ ගත කිරීම සිදු කරන බව ඇමතිවරයා කීය.
සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බවත් වැට් බද්දට ලක්වන ව්‍යාපාර කාණ්ඩය හඳුනාගැනීමේදී මිලියන 25 ට වැඩි ආදායම් ලබන්නන් සඳහා

පමණක් ඇතුළත්වනු ඇති බවත් මෙහිදී හෙළි විය.
පැකේජය අනුව මෙම සහන ඇතුළත්ය
  • ගෘහස්ත නිෂ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි
  • ආර්ථික සේවා ගාස්තු අහෝසියි
  • බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි
  • කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි
  • උපයන විට ගෙවන බදු අහෝසියි
  • පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි
  • ණය සේවා බදු අහෝසියි
  • ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි
  • ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි
  • ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි
  • විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි
  • විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුවෙයි
  • වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්