https://www.gossiplankanews.com/2019/11/namal-speaks.html#more
යේ පැවැත්වූ ජනපතිවරණයේ නිල අවසන් ප්‍රතිඵලය තවම නිකුත්ව නැති නමුත් මේ වනවිට තමන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ වීඩියෝවක්
නිකුත් කර තිබේ.
7 වන විධායක ජනපති ලෙස ගෝඨාභය

රාජපක්ෂට ජයග්‍රහණය කරවීමට තම පියාවන මහින්ද රාජපක්ෂ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ප්‍රකට වන බව කියන නාමල් ඒ සදහා අවුරුදු හතරහමාරක් කැපවූ අයට ස්තූති කරන බවත් සිරගෙවල් වලට ගිය පලිගැනීම් වලට ලක්වූ අයට තුති පුදන බවත් ඔවුන්ගේ කැපවීමේ ප්‍රතිඵලය මෙය බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ කැපවීම මෙම සියල්ල පසුපස සිටි බලවේගය බවත් ඔහු නම් කළේය. ජයග්‍රහණය සතුටින් හා සාමකාමීව භුක්ති විදිය යුතු බවත් හෙට සිට මේ රට අලුත් මගකට ගෙනයා යුතු බවත් දන්වා සිටියේය.
මෙවර දකුණේ ජනතාව ගෝඨාභයට ඡන්දය ප්‍රකාශ කළ බව ස්තූති වන්ත වන නමුත් උතුරේ ජනතාව සජිත්ට ලබාදුන් ඡන්ද ලෙස එම සංඛ්‍යාවන් සැලකිය නොහැකි බවත් නාමල් රාජපක්ෂ දන්වා සිටියේය.උතුරේ ඡන්ද ලැබුනේ දෙමළ ජාතික සන්ධානයට බවත් ඔහු කීය.
යුද්ධය අවසන්වීම සමග ප්‍රජාතන්ත්‍රවාදය සහතිකවූ බවත් මින් ඉදිරියට දමිළ සන්ධානය රටේ තීරණාත්මක බලවේගයක් නොවන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.