https://www.gossiplankanews.com/2019/11/namal-gotabaya-sumith-perera.html
ගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ ඝාතනය නාරාහේන්පිට පාක් රෝඩ්හි සිදුවෙන අවස්ථාවේ නාරාහේන්පිට පොලීිසියේ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියාව සිටි පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මෙම සිද්ධිය යටගැසීම හේතුවෙන් චෝදනා ලද්දෙක‍ි.
ඔහු ඒ් වෙනුවෙන් සිරගතවද සිටියේය.
නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සුමිත් පෙරේරා මහතා ඒ් දිනවල අදාළ පරීක්ෂණ කටයුතු යටගැසීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන  මහත්වරුන් තමාට උපදෙස් දුන් බැව් පවසන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී  ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තමන්ට පැවැසූ බව පවසා තිබේ.
කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මෙම  මාධ්‍ය හමුව රාපක්ෂ හිතවාදී සංවිදානයක් වන “සත්‍ය ගවේෂකයෝ” මගින් සූදානම් කර තිබූ අතර තාජුඩීන් ඝාතන සිද්ධිය යට ගැසීම නිසා වසරකට ආසන්න කාලයන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලැබූ සුමිත් පෙරේරා මහතා මෙසේ අදහස් දක්වා ඇත.
“මම 2012 වසරේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළා. ඒ
කාලයේ තමයි මෙම සිද්ධිය වුණේ. ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේ මම සිටියේ මගේ ගෙදර. මම එතකොට
පදිංචිවෙලා සිටියේ බොරලැස්ගමුවේ කුලී නිවෙසක. පොලිස් ස්ථානයෙන් දැනුම්දුන්නා මට මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා. මං ඒ වෙලාවෙම එම ස්ථානයට ඇවිත් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. නීතියේ රාමුව තුළ මම ඊට අදාළ සියලු විමර්ශන කටයුතු සිදුකළා.

ඊට පස්සේ මම මියගොස් සිටින පුද්ගලයා අවසානයේ කොහෙද සිටියේ කියලා සොයලා බැලුවා. ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ තමයි මොහු හා තවත් මිතුරන් දෙන්නෙක් මත්පැන් පානය කරලා තිබුණේ. එදා රෑ 11.45ට විතර වෙනකල් ඒ ගෙදර මේ තුන්දෙනා ඕල්ඩ් ඇරැක් වර්ගයේ මත්පැන් බෝතල් දෙකක් බීලා තිබුණා. ඒ බෝතල් මම නඩු භාණ්ඩ විධියට ගත්තා. ඔවුන් බයිට් එකට කෑවේ මඤ්‍ෙඤාක්කා බැදපුවා. ඒ පැකට් පවා මම නඩු භාණ්ඩ විධියට ගත්තා. මගේ සටහන්වල මෙහි ඇත්ත නැත්ත තිබෙනවා. ඊට අමතරව ඒ සිද්ධියේදී මියගොස් සිටින පුද්ගලයා සම්බන්ධයෙන් දින හතක් ආපස්සට මම සොයා බැලුවා. ඔවුන් ඒ ගෙදර තමයි අරක්කු බීලා තියෙන්නේ. එහි තිබී අරක්කු බෝතල් හත අටක් මම සොයාගත්තා. මේවා මෙච්චර කල් මාධ්‍යවල ගියේ නැහැ.


මෙම විමර්ශන අවසන් කරලා මට ස්ථාන මාරුවීමක් ලබලා 2015දී යාපනය, නෙල්ලිඅඩි පොලිසියේ
ස්ථානාධිපති ලෙස ගියා. ඒ කාලේ මට සී.අයි.ඩී. එකේ සාජන් කෙනෙක් කෝල් කරලා කිව්වා මේ සිද්ධිය
සම්බන්ධයෙන් මගේ කටඋත්තරයක් ගන්න ඕන කියලා. ඒ අනුව පළමුවැනි ප්‍රකාශය ලබාගැනීමට පටන් ගත්තා.

මගෙන් මේ සම්බන්ධයෙන් පහළොස් වතාවක් පමණ ප්‍රකාශ ලබාගත්තා. ඒ ප්‍රකාශ ගන්නත් මම යාපනයේ ඉඳන් එන්න ඕනෑ. ප්‍රකාශ දී නැවත මම යාපනේ යනවා.
මට මතකයි ශානි අබේසේකර මහත්තයා මට කිව්වා බොරැල්ල කනත්ත ගාවට එන්න කියලා. ඇවිල්ලා මට ඔහු කිව්වා ඔහුගේ වාහනය පස්සෙන් මට මගේ වාහනෙන් එන්න කියලා. ඒ කාලේ මට කාර් එකක් තිබුණා. ඔහුගේ වාහනය පස්සෙන් මම ගියා. ගිහින් නතර වුණේ පදනම් ආයතනය ගාවින් නතර කරලා මට කිව්වා ඔහුගේ කාර් එකට නඟින්න කියලා. මේ සිද්ධිය වෙන්නේ අත්අඩංගුවට ගන්න දවස් හතරකට පහකට ඉස්සෙල්ලා. එහිදී ඔහු මට කිව්වා “යකෝ මෝඩයෙක් වෙන්න එපා. උඹව ඒ.එස්.පී. කෙනෙක් කරන්නම්” කිව්වා.
උඹට කැනඩාවේ පදිංචිය හදලා දෙන්නම් කිව්වා. උඹ මේ නම් දෙක කියලා දාපන් කිව්වා.
ඔහුගේ ඉල්ලීම මම එක හෙළාම ප්‍රතික්‍ෂේප කළා. ඊට පහුවෙනිදාත් මාව සී.අයි.ඩී. එකට ගෙන්නුවා.
ඔවුන් අපිව රස්තියාදු කරනවා.

 අන්තිම දවස් දෙකේදී ඒ.එස්.පී. වීරසේකරයි, ඒ.එස්.පී. තිසේරයි, ශානි අබේසේකරයි මාව එක්කන්
ගියා ඒ කාලේ සී.අයි.ඩී. අධ්‍යක්‍ෂ වෙලා හිටිය නාගහමුල්ල මහත්තයා ගාවට. නාගහමුල්ල කියන්නේ
මගේ ඕ.අයි.සී. කෙනෙක්. ජනාධිපති ආරක්‍ෂක අංශයේ ඉන්නකොට ඔහු පුටු පොළේ ගහලා අඩි බිම හප්පා කිව්වා උඹ මේක කියන්න ඕනෑ නැත්නම් වැඩත් නැහැ කියලා. මං එයත් ප්‍රතික්‍ෂේප කළා.

 මං කිසිම දේශපාලනයක් කරලා නැහැ. විභාගේ සමත් වෙලා තමයි මම 1997දී පොලිස් පරීක්‍ෂකවරයකු
විදියට බැඳුණේ. මාව අත්අඩංගුවට පත් වෙද්දි මම ඒ තනතුරේමයි හිටියේ.
 මේ වෙද්දී මගේ සහෝදරියකුත් මිය ගියා. මේ නිලධාරීන් මට කිව්වා උඹට දැන් ප්‍රශ්න තියෙනවානේ
උඹ පොලිස්පතිට ලියුමක් ලියපන්.  අපි උඹව කොළඹට ගන්නම් කියලා. අරගෙන ඒ.එස්.පී. කරනවා කියලා.  මම කිව්වා හරි සර් මට ස්ථාන මාරුව දෙන්න කියලා. මට ලියුමක් දුන්නා. ඊට පස්සේ මාව කොටහේන පොලිසියට ගෙන්නුවා. එදත් මම කිසි දෙයක් කිව්වේ නැහැ. ඒ ගෙන්නලා දවස් දෙකයි, උඹ අපි කියන විදිහට වැඩ කරන්නේ නැහැ කියලා මාව අත්අඩංගුවට ගත්තා. මාව වසරකට ආසන්න කාලයක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරගත කළා.

මේ කාලයේ මාධ්‍යවල ගියා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කෝල් 45ක් අරගෙන තිබුණා කියලා.


මම අහන්නේ මෙහෙම කෝල් 45ක් ආවා නම් කෝ ඊට අධිකරණ කටයුතු. ඔවුන් අධිකරණයට පවා කිව්වේ බොරු. මම ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සමඟ කතා කළාලු. අද වෙනතුරු කිසිවක් නැහැ. මට ළමයින් දෙන්නෙක් ඉන්නේ. මගේ ළමයින්ට ඉස්කෝලේ පවා යන්න බැරි වුණා.

මම හිරේ ඉන්න කාලේ සී.අයි.ඩී. නිලධාරීන් මගේ ගෙදර අයට කරදර කළා. රන්ජන් රාමනායක නළුවා
මගේ නැදෑයන්ට කතා කරලා සෑහෙන්න කරදර කළා, මෙහෙම කියන්න, එහෙම කියන්න කියලා. දුරකථන විශ්ලේෂණ වාර්තා ගත්ත නම් මේ ඔක්කෝම පෙන්වන්න තිබ්බා. මේ 17 වැනිදා වෙනකල් අපි සිටියේ බයෙන්  මම එදා ශානි අබේසේකරයි, නාගහමුල්ලයි, තිසේරයි කියපු දේ කළා නම් මටත් වන්නේ නිශාන්ත වගේ අද රටින් යන්න. හැබැයි මම එදා එහෙම කිව්වෙත් නැහැ, රටින් ගියෙත් නැහැ. මගේ හිත දන්නවා මම මෙහේ මොකද කළේ කියලා. මං කාවවත් පාවා දෙන්නවත්, කිසිම දෙයක් කරලා නැහැ. එහෙනම් මටත් තිබුණා මේ නම් ටික කියලා ඔවුන්ගෙන් වරප්‍රසාද අරන් ස්විස්වලට ගිහින් හොඳට ඉන්න තිබ්බා.

“ඉදිරියේදී මම මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරනවා. මම නඩුවෙන් නිදහස් වෙලා ඇවිල්ලා
පොලිස්පතිවරයාට මාව නැවත රස්සාවට බඳවා ගන්න ලෙස ඉල්ලමින් අභියාචනයක් ඉදිරිපත් කළා. මම
එළියට ආවේ 2017 පෙබරවාරි 20. 2017 පෙබරවාරි 25 වැනි දිනට මම මෙම ඇපෑල යැව්වා. එය
ජාතික පොලිස් කොමිෂන් සභාව යවලා තියෙනවා.

“මං ගැන පොලිස් කොමිසම පොලිස්පතිගෙන් කරුණු ඉල්ලලා වාර්තාවක් ඉල්ලලා තිබුණා. නමුත් මේ වෙනකල් පොලිස්පති ඊට අදාළ වාර්තාවක් යවලා නැහැ. මේ ගැන අහන්න මම පොලිස්පති පූජිත් ජයසුන්දර හම්බ වෙන්න ගියා ඔහු මට කිව්වේ සුමිත් ඔයා අපිට ඕන විධියට වැඩේ කළේ නැහැනේ. මට ඒ නිසා රස්සාව ලබා දෙන්න බැහැ කිව්වා. ඊට පස්සේ මම වෙච්ච අසාධාරණය ගැන ලියන්න ඕනේ හැම තැනටම ලිව්වා.” යැයි හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.