පසුගිය රජය පවත්වාගෙන ගිය ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට වත්මන් රජය පියවරගෙන ඇති බව
වාර්තාවේ.
මිල සූත්‍රය නිසා සෑම මසකම 10 වන දින ඉන්ධන මිල ඉහළ පහළ යාම සිදුවූ අතර එම අවිනිශ්චිතභාවය මත බොහෝ අය පීඩාවන්ට ලක් විය.
කෙසේ වෙතත් වත්මන් මහබැංකු අධිපතිවරයා දන්වා තිබුනේ මිල සූත්‍රය යොදනු ලැබුවේ ලෝක බැංකුව වෙතින් මහබැංකුව ලබාගත් ණය

පියවීමට නොහැකිවීම නිසා ලෝක බැංකුව ලංකාවට ලබාදුන් කොන්දේසියක් අනුව බවයි. එය රජයක් වෙනස් වුවත් වෙනස් නොවන ගිවිසුමක් බවද මීට මාස කිහිපයකට පෙර දන්වා තිබුණි.
ඒ නිසා නව රජය ඉන්ධන මිල සූත්‍රය අත්හැරියද ලෝක බැංකු උපදෙස් මත වරින්වර ඉන්ධන මිල වෙනස් කරනු ඇතිය යන්න ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.
කෙසේ වෙතත් මැතිවරණ සමයේ උදය ගම්මංපිල මන්ත්‍රීවරයා දන්වා තිබුනේ පැවති රජය අධික ලාබ තියාගෙන  ඉන්ධන මිල යොදා ඇති බවත් පෙට්‍රල් ලීටරය රුපියල් 95 කට ලබාදීමට හැකියාව තිබෙන බවත්ය.