“ජාතික ගීය ඉදිරියට සිංහල භාෂාවෙන් පමණක් යැයි  දක්වමින් ජාතිවාදී ආකාරයට සමාජ ජාල ඔස්සේ
පතුරුවා ඇති ආරංචිය

ගෝඨාභය රාජපක්ෂ නව ජනපති විසින් ලබා ගත් තීරණයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා දන්වා සිටී.
ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රචාර සියල්ල අසත්‍ය බව නානායක්කාර මහතා පවසයි.
මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ද්විභාෂික ජනතාව ආණ්ඩුවෙන් ඉවත් කිරම වෙනුවෙන් විරුද්ධවාදීන් දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.