සුප්‍රසිද්ධ මයික්‍රොසොස්ට් සමාගමේ ජපාන කාර්යාලය සඳහා අලුතින් සතියකට දින හතරක සේවා කාලායක් හඳුන්වාදීමට එහි බලධාරීන් ගත් පියවර සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි. පසුගිය අගෝස්තුව ආරම්භයේදී මෙම
නව ක්‍රමය හඳුන්වාදීම සිදුවිය. මේ හරහා විදුලිය ඉතිරිවීම, කඩදාසි භාවිතය අඩුවීම ඇතුළුව ඵලප්‍රයෝජන රැසක්ම ලැබුන බව මයික්‍රොසොෆ්ට් සමාගම් සදහන් කරයි.

මෙහිදී එම සමාගම් සේවය කළ 2,300 කට අධික පූර්ණ කාලීන, ස්ථිර සේවකයන් පිරිසකට සෑම සතියකම සිකුරාදා දිනය

විශේෂිත නිවාඩු දිනයක් ලෙස ලබා දී ඇත. ඒ අනුව ඔවුන්ට සතියකට හිමිවන සම්පූර්ණ නිවාඩු දින ගණන 3 කි. එසේම ඔවුන් සිදුකරන සෑම හමුවීමක්ම විනාඩි 30කට සීමා කළ යුතු බවත්, මුහුණට මුහුණ සිදුකරන සංවාදවලට විකල්ප ලෙස අත්තජාලය හරහා සිදුකරන කතාබහ වෙත උනන්දු කරවීමද වැඩි කර ඇත. මීට අමතරව එක් හමුවක් සඳහා එකතු වන පිරිස පහක් දක්වා සීමා කර ඇති අතර, සේවකයන්ට අත්තර්ජාල පහසුකම් භාවිත කරමින් සන්නිවේදන කටයුතු කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

මෙම නව ක්‍රමය හරහා අගෝස්තු මාසයේ සෑම සේවකයෙකුගේම අලෙවි දක්ෂතාව පසුගිය වසරේ අගෝස්තුවට සාපේක්ෂව 40%කින් ඉහළ ගොස් ඇතැයි සමාගම පවසයි. එසේම විදුලි භාවිතය හතරෙන් පංගුවකින් අඩුවී ඇති අතර, කඩදාසි භාවිතය හරි අඩකින් අඩුවී ඇත.

විශේෂයෙන්ම ජපානය යනු සේවකයන් අතිවිශාල අතිකාල සේවාමුර ප්‍රමාණයක යෙදවෙන රටක් වීමත් එය වැළැක්වීම සඳහා සමාගම තුළ වඩාත් නමයශීලී වැඩ ක්‍රමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ අවස්ථාවක් බවටද මෙය පත්ව ඇත.

එලෙස අධික ලෙස සේවයේ නිරත වීම නිසාම ජීවිතක්ෂයට පත් වූ සේවකයකුට අත් වුණු ඉරණම පිළිබඳව සලකා බැලීමක් ලෙස මෙම තීරණය ගෙන තිබීමත් විශේෂත්වයකි.

එසේම වර්තමානයේදී  ශ්‍රම බලකාය නිරත තරුණ ජපාන ප්‍රජාව තුළ සිය  රාජකාරියට වඩා පවුල සහ දරුවන් පිළිබදව අවධානය යොමු කරවමින්, එරට හීනවෙමින් පවතින ජනගහනය වර්ධනය කරවීම සදහාද මෙය පිළියමක් කරගැනීම අදහස වී ඇත.