නැඟෙනහිර පළාත් හිටපූ ප්‍රධාන ඇමැති තමිල් මක්කල් විමුක්ති කොටි පක්ෂයේ නායක සිවනේසතුරේ
චන්ද්‍රකාන්තන්ට (පිල්ලයාන් )

එරෙහි ඝාතන සැකකාර නඩුව ජනවාරි මාස 8 වැනිදා දක්වා අධිකරණය මගින් කල් දමන ලදී. දෙමළ ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් 25 වැනි දින මඩකලපුව ශුද්ධවු මරියා දේවස්ථානයේ නත්තල්  රාත්‍රි දේව මෙහෙයුමේ යෙදී සිටියදී දේවාලය තුළදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබන ලදී.
පිල්ලෙයාන්ගේ ජනපතිවරණ සහාය ගෝඨාභය රාජපක්ෂට බව පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දන්වා සිටියේය.