2018 වසරේ දෙසැම්බර් මස මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කඩා දැමිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග සමිප සම්බන්ධකම් පැවැත් වූ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

වයස
අවුරුදු 30-35 අතර වයසේ පසුවන මෙම පුද්ගලයාගේ හැඩරුව අනුව අඳින ලද සිතුවමකට  ඡායාරූපයක් පහතින් දැක්වේ. එම සිතුම් ඡායාරූපයේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව 0112326936 හා ස්ථානාධිපති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 0718591774 යන අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.