අද (6) සන්ධ්‍යාකාලයේ ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක මහතා ගමන් කරමින් සිටි රථය පුද්ගලයින් පිරිසක් අවහිර කිරීම හේතුවෙන් මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් විසින්
වෙඩිතැබීමක් සිදු කර ඇති බව
වාර්තා විය.
එම නිසා වෙඩි පහර කෑ පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා ගමන් කරමින් සිටි වාහනය අවහිර කරමින් එම පුද්ගලයින් කටයුතු කිරීම නිසා ඉන් පිටු පසින් පැමිණි මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා  කරවනැල්ල තැලිගම රෝහලට ඇතුලත් කර ඇත.
පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
ශ්‍රීලනිපය ශ්‍රිලපොජපෙයට සම්බන්ධවීම සාධාරණීකරණය කරමින් එස්බී දිසානායක මහතා කළ කතා ඇතැම් ශ්‍රීලනිප සංවිධායකයින්ගේ හා පාක්ෂිකයින්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබූ අතර මෙම ගැටුම එහි ප්‍රතිඵලයක්ද යන්න ගැන පොලිස් විමර්ශන සිදුවේ.