චන්ද්‍රිකා අවලංගු කාසියක්.අම්මට හතුරුකම් කරපු කෙනෙක්.තමන්ගේ ඡන්ද පෙට්ටියේ ඡන්ද 11 ගත්ත
කෙනෙක් .එයා ගැන කතා කරන වෙලාවත් අපරාධයක් . පා.ම .එස්.බි දිසානායක පවසයී.



දිසානායක මහතා එසේ පැවසුවේ අද (06)  හැටන් ප්‍රදේශයේ දී පැවැත්වු මාධ්‍ය හමුවක දිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා මෙසේද පැවසි.චන්ද්‍රිකා මැතිනිය හැමදාම කලේ
පක්ෂයට විරුද්ධව කල්ලි කණ්ඩායම් හදාගෙන තමයී .එතුමිය එතුමියගේ ආදරණීය අම්මා පක්ෂයේ සභාපති හැටියට ඉද්දී එතුමියගේ ස්වාමියා විජය කුමාරතුංග යී.පක්ෂයේ මහ ලේකම් රත්නසිරි වික්‍රමනායක
මැතිතුමයී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ටි.බි.ඉලංගරත්න මැතිතුමයී අරගෙන එළියට ගිහිල්ල තමයී ශ්‍රි ලංකා මහජන පක්ෂය හැදුවේ .

ඒ වෙලාවේ මැතිනිය එතුමියව අස් කරලා දැම්මා.එතුමිය අස් කරාට පස්සේ මැතිනියට ලංවුනේ අනුර
බණ්ඩාරනායක මැතිතුමා.අනුර
මැතිනිය එලවලා බොහොම ඉක්මනින් පක්ෂය අතට ගන්න කටයුතු කරන වෙලාවෙ මට සිද්දවුනා ආපහු චන්ද්‍රිකා එංගලන්තයේ ඉදන් එක්කගෙන ඇවිල්ලා කොහොම හරි මැතිනියට ලං කරලා චන්ද්‍රිකා මැතිණිය පක්ෂයට ගන්න පක්ෂයේ හා මැතිනියගේ ආරක්ෂාවට.මට මතකයී මමයි
. මංගල සමරවීරයී.ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ යී.

අලවි මවුලානයී මැතිනිය එක්ක සියක් වතාවක් සාකච්චා කරන්න ඇති චන්ද්‍රිකා මැතිනිය ගන්න.හැබැයී ඒ එක වෙලාවකවත් චන්ද්‍රිකා මැතිනිය ගන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එකඟ වුනේ නෑ.අවසානයේ අපි කියල කියලා මැතිනිය එකඟ කර ගත්තම නුවරඑළිය නිල නිවාසය වෙන්කරගෙන චන්ද්‍රිකා මැතිණය සමග දින දෙකක් සාකච්චා කරන්න යොදාගන්න උපදෙස් දුන්නා.එම රැස්වීමට ලක්ෂ්මන් ජයකොඩි.කේ.බි.රත්නායක .ධර්මසිරි සේනානායක .දි.මු ජයරත්න .අනුරුද්ධ රත්වත්තේ හා රිචඩ් පතිරණ මැතිතුමන්ලාට ඒ සාකච්චාවට එන්න කියන්න කිව්වා.

මැතිනිය මගේ බිරිඳ තමරා ත් එක්ක එදා උදෙන්ම නුවරඑළිය ට ගියා.මංගල මගෙත් එක්ක නුවරඑළිය  ට
ගියා.අපි ආරාධනා කරපු එක්කෙනෙක්වත් ඒ සාකච්ඡාවට ආවේ නෑ.ඒ ආවේ නැත්තේ ඒ සියළුදෙනාගේම තදබල විරෝධයක් තිබුනා චන්ද්‍රිකා මැතිනිය නැවත පක්ෂයට ගැනීම සම්බන්ධව .

හැබැයි මට තේරිච්ච දේශපාලනය තමයී චන්ද්‍රිකා මැතිනිය අරගෙන ඒ හරහා අනුරගේ බලය අඩු කරලා
ඒ තුලින් මැතිනිය  ශක්තිමත් කරලා ඊලග මැතිවරණ දිනවන්න වමේ දේශපාලන ශක්තිය ගොඩනගන්න පුළුවන් කියන එක.ඒ අනුව කටයුතු කලා ඒ උපාය සාර්ථක වුනා.

අපි පොදුජන එක්සත් පෙරමුණ හැදුවා ඒතුලි චන්ද්‍රිකා මැතිනිය මහ ඇමතිනිය.අගමැතිනිය.ජනාධිපතිනිය
කලා.හැබැයී බණ්ඩාරනායක මැතිනිය චන්ද්‍රිකා මැතිනිය අරගෙන අත්තනගල්ල සංවිධායක දුන්නා
හැරෙන්න වෙන කිසම තනතුරක් දුන්නෑ.ඒ වගේම මහඇමති කරන්න හදනකොට අපි ඒකට තදින්ම විරුද්ධව
වුනා.ඇතුලත් මුදලි  ගාතනය විම නිසා අපිට චන්ද්‍රිකා මැතිනිය මතුකරලා ගන්න පුළුවන් වුනා.

ඇත්තටම ඉතිහාසයේ චන්ද්‍රිකා මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ත් එතුමියගේ මැණියන් වු සිරිමාවෝ
බණ්ඩාරනායක මැතිනියටත්.එතුමියගේම සහෝදරයා වු අනුර බණ්ඩාරනායක මහතා ටත්හා  සහෝදරිය වු සුනේත්‍රා බණ්ඩාරනායක   මැතිනියටත් පුදුම විදියට හතුරුකම් කරපු කාන්තාවක්.
ඒ නිසා මම පුදුම වෙන්නෑ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ වෙලාවේ නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙලා ඔය කරන දේ ගැන.හැබැයී දැන් එතුමිය අවලංගු කාසියක්.එතුමිය අවලංගු කරේ ලංකාවේ වෙන කොහෙවත් නෙමෙයි හොරගොල්ලේ එතුමියගේ ඡන්ද පෙට්ටියේ එතුමිය වෙනුවෙන් ඡන්ද 8 යි නැත්නම් 11  යි වැටිලා තිබ්බේ.ඒක තමයී එතුමියගේ අවලංගු බාවයේ සීල් එක.ඒ නිසා චන්ද්‍රිකා මැතිනිය කරන දේ ගැන කතා කරන එකත් අපි කාලය නාස්ති කිරිමක්.

ඒ වගේම එතන සම්මේලනයක් තිබුනේත් නෑ.ශ්‍රි ල නි ප යේ කවුරුත් හිටියෙත් නෑ.ඈත කාලේ ශ්‍රි ලංකා
නිදහස් පක්ෂයේ හිටපු මංගල .රාජිත .ඒ වගේ පරණ පිරාසක් හිටියේ ඒ වගෙම අපරාදේ දේශපාලන
වශයෙන් අනාතයෙක් වුන වෙල්ගම වගේ කිපදෙනෙක් හිටියා .ඒ හැරෙන්න එතන ශ්‍රි ල නි ප පාක්ෂිකයන්
කවුරුත් හිටියේ නෑ.මම හොදටම දන්නව ගම්මාන ප්‍රදේශ කිපයකින් එක්සත් ජාතික පාක්ෂිකයෝ කිපදෙනෙක් එජාපය විසින් ගෙනල්ලා දුන්නා.

තොන්ඩමන් ඇමතිතුමා අපි දෙගොල්ලොම 2015. අසාර්ථක වුනා තමයී.පහුගිය පලාත් පාලනය ඡන්දය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දින්නේ අපි.ඒ එක්කම දිඝාම්බරම් ඇමතිවරයා ඇතුළු කණ්ඩායමට අන්ත පරාජයක් අත්වුනා.ඒ නිසා මේ නුවරඑළිය පරදිනකොටත් හගුරන්කෙත වගේ ආසන දින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.ඒ නිසා නුවරඑළිය ජයග්‍රහණය කරන්න අපිට ගැටළුවක් නෑ.කම්කරු ජනතාව දන්නවා වතුකරයට
පාසල් ගෙනාවේ.වතුකරේ දරුවන්ට රජයේ රක්ෂා දුන්නේ .ඉස්පිරිතාල දියුණු කලේ .පාරවල්
හැදුවේ.ගෙවල් දුන්නේ තොණ්ඩමන් ඇමතිවරයා බව.ඒ වගේ වතුකරයට කෙරල ගංජා.කුඩු ගෙනාවේ කවුද කියලත් දන්නවා.

මේ අවස්ථාව ට ශ්‍රි ල නි ප නුවරඑළිය දිස්ත්‍රික් නායක හා සංවිධායක ඩබ්ලිව්.ජි.රණසිංහ මහතාද
එක්ව සිටියහ.

චන්න අද්දරගේ