මාලදිවයිනේ හිටපු ජනාධිපති යමීන් අබ්දුල්ලා යමීන් වෙත වසර පහක සිරදඬුවමක් පැනවීමට එරට අපරාධ අධිකරණය ඊයේ (28දා) තීන්දු කළ බව වාර්තා වෙයි.

ඔහුට එරෙහිව පැවැති මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මෙම දඬුවම පැමිණි වී තිබේ. මෙහිදී ඒකමතිකව අදාළ තීන්දුව ලබා දුන් අපරාධ අධිකරණයේ සාමාජික විනිසුරුවන් පස් දෙනා ඔහුට එරෙහිව එක්සත් ජනපද ඩොලර් මිලියන 5ක දඩයක්ද පමුණුවා ඇත. ඒ සඳහා ඔහුට මාස හයක කාලයක් ලබා දී තිබේ.

2013 වසරේ සිට 2018 වසර දක්වා මාලදිවයින් ජනාධිපතිවරයා ලේසි කටයුතු කළ යමින්, එරටට අයත් එක්සත් ජනපද ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් සිය පෞද්ගලික පරිහරණය වෙනුවෙන් මෙලෙස විශුද්ධිකරණය කර ඇතැයි අධිකරණය ඉදිරීයේ කරුණු හෙළිදරව් වී තිබුණි.

පසුගිය වසගිද්දී පැවැති අවසන් ජනාධිපතිවරණයේදී යමීන් එරට වත්මන් ජනාධිපති ඊබ්‍රහිමි මොහොමඩ් සාලින් ඉදිරියේ පරාජයට පත් විය. අනතුරුව අදාළ චෝදනා යටතේ යමීන් අත්අඩංගුවට පත්ව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු විය.
ඊයේ පැවැත්වුණු මෙම නඩු විභාගය සජීවීව ඒරට රූපවාහිනිය හරහා විකාශය කිරීමත් විශේෂත්වයකි.