https://www.gossiplankanews.com/2019/11/maithri-royal-park-pardon-sajith-raymond.html
රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී කුරිරු ආකාරයට 19 හැවිරිදි තරුණියකගේ ගෙල සිරකර හිස කුඩු කර බැල්කනියකින් බිමට දමා ඝාතනයක් සිදු කිරීම නිසා මරණ දඩුවම නියමවී බන්ධනාගාරයේ ජීවිතාන්ත සිර දඩුවම ගත කළ ශ්‍රමන්ත ජූඩ් ජයමහ නමැති ව්‍යාපාරික පුතුට අසාමාන්‍ය ලෙස ජනපති සමාව ලැබීම ගැන පසුගිය දිනවල දැඩි කතාබහට ලක් විය.
මේ සමාව ලබාදීම මුදල් හා බලය මත සිදුවූවක් බවට මියගිය ඉවොන්ගේ සොයුරිය කැරොලින් ලන්ඩනයේ සිට චෝදනා කළාය. ඇය පණිවිඩයක් යොමු කරමින්  කියා සිටියේ
නඩුව යන කාලයේත් චූදිතයා බේරාගන්නට විවිධ බලපෑම් කරමින් සිටි ජයමහ පවුල චූදිතයා සිරගතවූ පසුව සිය බලපුළුවන්කාරකම් මත ජනපති සමාව ලබාගෙන ඇති බවයි.
මේ අතර මෙම සිදුවීම රටේ විද්වතුන් නීතීඥයින් අතරද කතාබහක් ඇති කළ අතර ඊයේ නොවැ 11 පාර්ලිමේන්තු සභාවාරයේදී ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක හාඇමති අජිත් පී පෙරේරා ජනපති තීරණය හෙළි දකිමින් කතා කර තිබුණි.ඊයේ රාත්‍රී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනපති සමාව අපයෝජනයට ලක්ව ඇති බවට අනුර කුමාර දිසානායකද අදහස් දක්වන ලදි.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්

දෙදෙනකුද බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග ඊයේ (11)  විරෝධතාවක නිරතවූයේ රෝයල් පාක් චූදිතට ජනපති සමාව දීමට විරෝධය පළ කරමින්ය. තමන්ටද සමාව අවශ්‍ය බව ඔවුන් දන්වා සිටින ලදි.
මේ අතර ජනපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දන්වා තිබුනේ මෙම තීරණය ජනපති ලබාගත්තේ ආගමික නායකයින් රැසක් ලබාදෙන ලද උපදෙස් මත බවයි.
එහි දක්වා තිබුනේ අතුරලියේ රතන හිමි විසින් මෙම තරුණයාගේ දෙමාපියන් සහ ඥාතීන් ජනාධිපතිතුමා වෙත මුණගස්වා මේ පිළිබඳ දීර්ඝ කරුණු දැක්වීමක් ද සිදුකර තිබූ බවයි.
 ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි යන අය බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිටීම මෙන්ම, බන්ධනාගාරගතව  සිටිමින්ම බාහිර උපාධිය සාර්ථකව නිම කොට, ඉන් අනතුරුව මේ වන විට ආචාර්ය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු හදාරමින් සිටින බවත්, මෙම තරුණයා මනා පෞර්ෂයකින් යුත් උගත්, බුද්ධිමත් තරුණයෙක් ලෙස පෙනී යන බැවින් මේ පිළිබඳ කාරුණිකව කරුණු සලකා බලා සමාව දුන් බවත් එහි දක්වා තිබුණි.
බද්දේගම සමිත හිමි, කෙරදේවල පුඤ්ඤරතන හිම, බලංගොඩ බුද්ධඝෝෂ හිමි, රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ ,නීතීඥ මහේෂ් මඩවල,

නීතිඥ නාලනී මනතුංග, නීතිඥ නිල්රුක් ඉහළකත්‍රිගේ, නීතිඥ කුමුදු නානායක්කාර යන නීතිඥවරුන් ද ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරයේ විජයානන්ද සමාජ සේවා සංවර්ධන පදනම, උණවටුන රූමස්සල නව ජීවන අමද්‍යප හයනාදි සිවිල් සංවිධාන ද ශ්‍රමන්ත ජූඩ්ට සමාව ප්‍රදානය කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දක්වා තිබුණි.
මෙම නිවේදනය නිකුත් කර පැය 24 ක් යන්නට මත්තෙන් එහි නම සඳහන්ව තිබූ ගාලු පදවි රදගුරුහිමි වන අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමාපාණන් රෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබා ගැනීම වෙනුවෙන් තමන්වහන්සේ කිසිම ඉල්ලීමක් නොකළ බව දන්වා ඇත.
තරුණ රැඳවියන්ට පුනරුත්තාපනය හා නිසි අධ්‍යාපනයක් ලබාදීමට තමන්වහන්සේ මීට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ පොදු ඉල්ලීම මේ අවස්ථාවේදී ජනපති මාධ්‍ය අංශය විසින් අයුතු සහගත ලෙස උලුප්පා දක්වා ඇති බව උන්වහන්සේ සඳහන් කර තිබේ.
මේ අතර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (12) සිය ට්විටර් ගිණුම ඔස්සේ රෝයල් පාර්ක් ඝාතකයාට මෛත්‍රී ජනපති සමාව දීම හෙළා දකිමින් පණිවිඩයක් නිකුත් කර ඇත. ඉවෝන් නමැති තරුණියගේ පවුලට මෙම තීරණය නිසා අසාධාරණයක් සිදුව ඇති බව එහි දක්වා ඇති අතර ජනපති පදවියේ සමාව දීමේ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස එමගින් පැහැදිලි කොට ඇත.


පෙර ලිපිය
වින්දිතයින් එපා කියද්දී රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව