බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ කීය.

"පසුගිය ජනාධිපතීවරණ සමයේදී මැතිවරණ නීති කැවූ රාජ්‍ය ආයතන හයකට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිසම සුදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දැරූ නිවාස අමාත්‍යාංශයත්,
පක්ෂ මහලේකම්, අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍ය ධුරය දැරූ අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ අතර තිබෙනවා. මෙහෙම පක්ෂයකින් සුපිරිසුදු පාලනයක් බලාපොරොත්තු වන්න බැහැ.
එම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී නිශාන්ත මහතා පොලිසියටත් හොරන් රටින් පිටවෙලා.
මේ අය පහුගිය කාලයේදී දේශපාලන අවශ්‍යතාවන් මත මිනිස්සු දඩයම් කළා. ඒවා හෙළිවනවාට බයේ රටින් පැනල යනවා. ඒ නිසා ශානි අබේසේකර ඇතුළු පසුගිය කාලයේදී විමර්ශනවලට සමිබන්ධ වූ සියලුම දෙනා රටින් පිටව යෑම වැළැක්වීමට අධිකරණ නියෝගයක් ලබාගන්නා ලෙස අපි ආරෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම රාජීත සේනාරත්න මහතා ඇතුළු පසුගිය රජයේ තවත් ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු ප්‍රතිකාර ලබාගැනීමට යැයි කියමින් සිංගප්පූරුවට යාමට සූදානම්ව සිටින බවත් වාර්තා වනවා." යැයි ද ඔහු කීවේය.