https://www.gossiplankanews.com/2019/11/mahinda-next-prime-minister.html#more
ගමැති ධූරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්වයාම සිදුවූ නිසා ජනාධිපති පදවි ප්‍රාප්ත ගෝඨාභය රාජපක්ෂ යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම හෙට (21) බ්‍රහස්පතින්දා සිදු කරන්නට නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කර තිබේ. ඒ අනුව හෙට දහවල් 1 ට නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ
හා 15 කින් යුතු කැබිනට් මඩුල්ල දිවුරුම් දීමට නියමිතය.

ගෝඨාභය ජනපති ලෙසත් ගෝඨාභයගේ වැඩිමල් සොයුරු මහින්ද රාජපක්ෂ අගමැති ලෙසත් පත්වන මෙම සුවිශේෂි අවස්ථාව 1994 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධූරයට පත්වීමෙන් පසු එකම පවුලේ දෙදෙනෙකු අතර රටේ ප්‍රධාන තනතුරු දෙක බෙදීයන දෙවන අවස්ථාවය.

පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති අවස්ථාවක සාමකාමී බලහුවමාරුවට අවස්ථාව සලසමින් අගමැති රනිල් දැක්වූ සහයෝගය හේතු කරගෙන ගෝඨාභය රාජපක්ෂට සිය කැමැත්ත පරිදි ආණ්ඩුව තනන්නට අවස්ථාව හිමිව තිබෙන අතර දේශපාලන ආරංචි මාර්ග මින් ඉහත වාර්තා කර තිබුනේ අගමැති ලෙස  හෙට පත්කරන්නට නියමිතව තබුනේ දිනේෂ් ගුණවර්ධනව බවයි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදි සිදුකළ විමසිමකදි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා සඳහන් කලේ නව ආණ්ඩුවේ නායකත්වය දරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිස තමා නොවන බවයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දින දහවල් 1.00 ට නව භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් දිවුරුම්  දිමෙන් අනතුරුව සවස 3.30ට අගමැති කාර්යාලයේදි වැඩ භාර ගැනිමටද නියමිත බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රකාශ කර තිබේ.