මින්නේරිය ප්‍රදේශයේ පවත්වනු ලැබූ ජන රැළියකදී අදහස් දක්වමින් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙසේ සිටියේය.

“අපේ රටේ බොරුව පතුරන

පචවාහිනී කිහිපයක් දැන් කියනවලු සජිත් ප්‍රේමදාස කොන්දේසි වලට යටත් වුනා කියලා. මිත්‍රවරුනි මම එකක් කියන්න කැමති මම කිසිම කෙනෙකුගේ කොන්දේසි වලට යටත් වෙන්නේ නෑ, කොන්දේසි වලට යටත් වුනොත් මම යනවා, මම කොන්ද කෙලින් තියා ගෙන දේශපාලනය කරන පුද්ගලයෙක් මම ඔය එක එකාගේ කොන්දේසි වලට යටත් වෙන්නේ නෑ , මම ඔබ තුමන්ලාට කියන්න කැමති මට අපේක්ෂකත්වය දෙන්න එන කොටත් මට කොන්දේසි දාන්න ආවා, මම කිව්වා තිය ගන්න කියල අපේක්ෂකකම, නමුත් මට දෙන්න සිද්ධ වුනා.

මම තමුන්නාන්සේලාට කියන්න කැමති කවුරු මොන පචයක් මේ පච වාහිනී වලින් කියන්න ලෑස්ති උනත් සජිත් ප්‍රේමදාස මේ රට පාවල දෙන්නේ නෑ ඒ විතරක් නෙමෙයි මේ රට දැය වෙනුවෙන් මිය ගිය මගේ පියාගේ ආත්මය පාවල දෙන්නේ නෑ කියලත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.

පචවාහිනීවලට තියෙනවා පෞද්ගලික න්‍යාය පත්‍රයක් විසඳ ගන්න. පච වාහිනියකට උවමනාවක් තියනවා ජනාධිපති ලව්වා හිර ගෙදර ඉන්න මනුස්සයෙක්ව එලියට ගන්න ඒක තමයි මට මඩ ගහන්නෙ ඒක තමයි මාව නිර්ධය ලෙස විවේචනය කරන්නේ”