මැලේසියාව හා යාපනය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබඳවත්, මැලේසියානු ගුවන්
සමාගම් යාපනය හා
මඩකලපුව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳවත් මූලික කරුණු සොයා බැලීම සඳහා ශ‍්‍රී ලංකාවේ සිටින මැලේසියානු තානාපති යෑන්ග් තායි ටැන් මහතා ඉකුත්දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.
 තවත් මැලේසියානු ධූත පිරිසක් සමග පැමිණි තානාපතිවරයා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සියලූ තොරතුරු නිලධාරීන්ගෙන් විමසා තිබේ. මේ අතර යාපනයේ බොහෝ ස්ථානවල සංචාරය කළ මැලේසියානු තානාපතිවරයා නිලධාරීන් කීප දෙනෙකුද හමු වී සාකච්ඡුා කොට තිබේ. මැලේසියා රජය විසින් උතුරේ සිදු කිරීමට යන ආයෝජන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කොට තිබේ.

දිනසේන රතුගමගේ