ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ නිලධාරියෙක් කාන්තාවකට අතවර
කිරීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් කර තිබේ.

මෙම නිලධාරීයා මේ වනවිට ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ ඉහළම තනතුරක් දරන අතර, මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක තනතුරක්
මෙන්ම තනතුරු කිහිපයක්ද හොබවා තිබුණි. මේ සම්බන්ධයෙන් ඊශියේ (07දා) පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටි අතර, මෙවැනි කරුණක් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ සිදුවීම බරපතළ තත්ත්වයක් බවද පවසා සිටියේය.

"මෙවැනි විනය විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් මට 'වටස්ඇප්' මාර්ගයෙන් පැමිණිල්ලක් ලැබී තිබුණා. මම ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමටත්, ඊට අදාළ පියවර වහාම කරනා ලෙසත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දැන්වුවා. මෙම විනය විරෝධී කටයුත්ත සත්‍යයක් නම් එය ඉතාම බරපතළ කාරණයක්. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා." යයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

සුරේන් දේශාන්