ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන සතියේ බෝම්බ පිපිරවීමක් සිදුකිරීමට ඇති සුදානමක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිදු කර ඇති චෝදනාව එම පෙරමුණ ප්‍රතික්ෂේප කර තිඛෙනවා.

එවැනි ප්‍රාහාරයක්
ඇති වුවහොත් එය නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයට බලපෑමක් ඇතිවිය හැකි බව පවසමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ඊයේ (06) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් කියා සිටියේ, මෙවැනි ප්‍රකාශ එළඹෙන මැතිවරණයේදී තම අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වැළැක්වීමේ කුමන්ත්‍රණයක් ද යන්න සැක සහිත බවයි.

මෙවැනි තීරණාත්මක සමයක් තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරන රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න වැනි පුද්ගලයන්ව ඩලස් අලහප්පෙරුම මහතා දැඩි ලෙස එම ලිපය මඟින් දෝෂාරෝපණයට ලක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මීට පෙර පැවති මැතිවරණවලදී ද ජයග්‍රහණය ලබා ගැනීම සඳහා එවැනි ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.