ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසිදු පක්ෂයකට ඡන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ
සවස පැවති ජනරැලියක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අකුරැස්ස ප්‍රදේශයේ දී ඊයේ පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

“සජිත් දිනන එක බඩේ බත් වගේ ෂුවර්. ඒ ගැන කිසිම සැකයක් නෑ.

අපිට තියෙන තරගෙ තමයි සියයට 50 ගන්න එක.

ඒක යූ එන් පී කාරයින්ට විතරක් ගන්න බෑ. ඒකට ශ්‍රී ලංකා කාරයොත් ඕනේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන් වෙනි වතාවටත් මරණ සහතිකේ ලියලා. පක්ෂෙ අවසන් කටයුතු විතරයි දැනුම් දෙන්න තියෙන්නේ.

කවදාවත් උඩ ගිවිසුම් ගැහුවට ශ්‍රී ලංකා කාරයෝ පොහොට්ටුවට ඡන්දේ දෙන්නේ නෑ. ජේ වි පි එකට දෙන්නෙත් නෑ.

හැබැයි අලියට දෙන්නෙත් නෑ..”