ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු සුළුජන කොටස්වල සිත් දිනාගනීමින් ජාතීන් අතර එකමුතුබව සහ සමගිය ගොඩනැගීමට මුල්වී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී නීතියේ
ආධිපත්‍ය, රටේ පවතින විවිධත්ව සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් යනාදීන් පෝෂණය කිරිම් ක්‍රියාකාරිත්වයන්ට ප්‍රමුඛස්ථානය දිම කාලයේ අවශ්‍යතාවක්  යැයිද එහි සඳහන්ය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අමාත්‍යවරයා
ඊයේ (18) නිකුත් කළ සුභපැතුම් පණිවිඩය මගින්  මේ බව අවධාරණය කර තිබේ.  එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

මෙම මැතිවරණයේදී ප්‍රඡාතන්ත්‍රවාදී ප්‍රවාහය ආරක්ෂා කරමින් ජනතාව සිය ඡන්ද  බලය තහවුරු කිරිම හරහා අපට උනන්දුව ඇති කර තිබේ. රට පුරාම ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමෙන් වාර්තතා වී ඇත. මෙය රටේ පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තබා ඇති  විශ්වාසය එයින් තහවුරු වේ. නමුත් ඡන්දය ප්‍රකාශ කිරිමේදී විවිධ ජන කොටස් අතර දුරස්ථභාවයක් පෙන්නුම් කර ඇත. තවද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුභ  සිද්ධිය සඳහා තීරණ ගැනීමේදී ඔබතුමාට  දැඩි අභියෝගයන්ට මුහුණදීමට සිදුවේයැයි සිතමි.

නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී නීතියේ ආධිපත්‍ය, රටේ පවතින විවිධත්ව සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් යනාදීන් පෝෂණය කිරීම් ක්‍රියාකාරිත්වයන්ට
ප්‍රමුඛස්ථානය ලබාදීම කාලයේ අවශ්‍යතාවයකි. ඔබතුමාගේ පාලනය යටතේ සාමය, ජාතීන් අතර එකමුතුභාවය සහ අවබෝධය සියලු ජන කොටස් අතර ස්ථාපිත කිරිමට හැකි නිවැරැදි මග පෙන්වීමේ ක්‍රියාමාර්ග දියත් කරනු ඇතැයි විශ්වාස කරමි. පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් සමාජ  ස්ථාවරභාවයට සහ ආරක්ෂාවට නොමැකන පැල්ලම් ඇතිකර තිබේ.

එම භයානක ව්‍යසනයේ සත්‍ය තත්ත්වය සොයාබැලීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව විසින් ගන්නා ලද උත්සාහයට විරුද්ධ පක්ෂය සහභාගී නොවීම තුළින් තවත් පැල්ලමක් ඇතිවි  තිබෙනවා. එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන නායකයන් කෙරෙහි අසාධාරණ සහ පදනම් විරහිත චෝදනා පැතිරි තිබීමත් කනගාටුදායක කරුණකි. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමුකරන විට බහුතරයක් බලය නැමැති මනෝභාවයක් තිබෙන රටක සියලු සමාජයන් ඇතුළත් එකමුතු දේශයක් ගොඩනැගිමේ ජනවරමක් ඔබතුමා වෙත ලැබී ඇති බව පෙනේ.

මැතිවරණයත් සමග ඇතිවී තිබෙන ජාතින් අතරවූ විරසකය තුරන් කිරීමට කඩිනම් පියවර ගත යුතුව ඇත.  විවිධ සමාජයන් අතර සුහදතාවය සහ අයිතීන් සුරැකිමට ඔබතුමාට මහඟු අවස්ථාවක් උදාවී ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ වැඩිම බලය ලබා ඇති පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නව ජනපති වශයෙන් පත්වී සිටින ඔබතුමාට සුබපතන්නෙමු. ඉතිහාසය ඔබට හොඳ අවස්ථාවක් විවරකර දී ඇත. 2009 වර්ෂයේ යුද්ධයේ අවසන් ජයග්‍රාහණය සමඟම ඔබතුමාට මෙවැති අවස්ථාවක් උදාවිය.

-ඒෆ්.අස්ලිම්-