නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ඇතිකළ ගෞරවනීය ක්‍රමවේදය තවදුරටත් ආරක්ෂාවනු දැකීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලු ඡන්දදායකයින්ට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සහ තමාගේ ස්තුතිය පලකරතැයි ද අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලු නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බැලපෑමකින් තොරව නිදහස් සහ සාධාරණ කටයුතු කිරීමට හැකි පරිසරය අප නිර්මාණය කළ නිසා මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීච හා යාධාරණ ලෙස පැවැත්වීමටත්, ඡන්දදායකයින්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළ වෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව උදාවිය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප ඇති කළ මෙම ගෞරවනීය ක්‍රමවේදය තවදුරටත් ආරක්‍ෂවනු දැකීම අපගේ බලාපොරොත්තුව
වන අතර, එවැනි පරිසරයක නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා
වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලු ඡන්දදායකයින්ට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එකසත් ජාතික පෙරමුණේ සහ මාගේ
ස්තුතිය පළ කර සිටිමි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එය අවසන් චනතුරු කැප වීමෙන් ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් ඇතුළු එහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛ රාජ්‍ය සේකයින්ටත්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් සියලු පාර්ශවයන්ටත්, සාමය ආරක්ෂා කිරීමට සහාය වූ සියලුම ජනතාවටත්, මාගේ කෘතඥතාව පළ කිරීමට ද මෙය අවස්ථාවේ කර ගනිමි.