https://www.gossiplankanews.com/2019/11/gotabaya-citizenship-usa.html
නපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයින්ගේ නොවැම්බර් 12 දිනැති අලුත්ම නාම ලේඛනයේද ඇතුළත්ව නොමැති බව
වාර්තාවේ.
https://www.federalregister.gov/documents/2019/11/12/2019-24474/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g
යන යොමුවේ නොවැම්බර් 12 ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එහි ගෝඨාභය රාජපක්ෂගේ නම නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි හෙළි කළේ පසුගිය 2019 මාර්තු මස අයදුම් කර අප්‍රෙල් මස තමන්ට පුරවැසිභාවයෙන් ඉවත්වීමට අදාළ ලේඛන ලැබුණ බවකි. නමුත් පසුගිය ජුනි මස සහ සැප්තැම්බර් මස ඇමරිකානු රජය ප්‍රසිද්ධ කළ නාම ලේඛන වලටද එම නම ඇතුළත් වූයේ නැත.


මහාචාර්ය තේනුවර හා වියන්ගොඩ යන අය කළ පැමිණිල්ල මත ශ්‍රී ලංකාවේ පැවති පෙත්සම් විභාගයකින් අනතුරුව අධිකරණ තීන්දුවකින් මේ වනවිට තහවුරු කර ඇත්තේ ගෝඨාභය ද්විත්ව පුරවැසියකු බව පමණි. ඔහුගේ ශ්‍රී ලාංකික පමණක් යන අනන්‍යතාව තහවුරුවීමට ඇමරිකාවෙන් ඔහු නිදහස් කළ බවට ලේඛනයක් අවශ්‍යව තිබේ.

නොවැම්බර් 12 ට අදාළ පුරවැසිභාවය ඉවතලූ අලුත්ම ඇමරිකානු ලැයිස්තුවටද ගෝඨාභය රාජපක්ෂගේ නම නොමැතිවීම මෙ නිසා සැක සංකා මතුකර තිබේ.
මෙම ලේඛනය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු වන බවත් ජනපති ධුරයට තේරී පත් වුව හොත් ඔහුට එම ධුරය දැරීමට නොහැකි වනු ඇති බවත් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් මගින් පණිවිඩයක්ද සටහන් කර තිබේ.

මේ අතර  ගෝඨාභයගේ ඥාති පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් ගෝඨාභය බාප්පා ඇමරිකානු පුරවැසිභාවය අත්හළ බවට සාක්ෂි ඇතැයි දක්වා ඇති අතර අදාළ ලේඛනයේ පිටපතක් පහත සටහන සමග ඉදිරිපත් කර ඇත.

'පොදුජන පෙරමුණෙහි ජනපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක්සත් ජනපද පුරවැසිභාවය පිළිබද එක්සත් ජාතික පක්ෂය විසින් කාලයක් පුරාවට ගෙනයන ලද බොරු ප්‍රචාරයට මෙන්න සාක්ෂි සහිතව පිළිතුරු,ඉදිරි දින කිහිපය සදහා ජනතාව මුලා කිරීමට දැන් එක්සත් ජාතික පක්ෂයට තවත් බොරුවක් සොයා ගැනීමට සිදුවනු ඇත'

------------
නොවැම්බර් 12 දිනැති
federalregister.gov වෙබ් අඩිවියෙන් ඇමරිකානු රජය ප්‍රකාශයට පත් කළ ලේඛනයේ නම් සඳහන් කොටසින් උපුටනය පහතින්