https://www.gossiplankanews.com/2019/11/gotabaya-bbc-report.html
ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් තේරී පත්වූ පසු ඔහු ගැන එංගලන්තයේ බීබීසී නාලිකාව ජාත්‍යන්තර නරඹන්නන් වෙත ඉදිරිපත් කළ රූපවාහිනී විශේෂාංගයකින් යම් යම් සාවද්‍ය කරුණු ප්‍රකාශයට පත්ව ඇති බව වාර්තාවේ.
මේ වනවිට එම වැඩසටහනට විරුද්ධව ශ්‍රී ලංකාවේ මහජන විරෝධය පළ කිරීම්
වාර්තාවන අතරවාරයේ අන්තර්ජාලයේ පෙත්සමක්ද අත්සන් කරන්නට පටන්ගෙන තිබේ.
මෙම වැඩ සටහන ඇරඹෙන්නේ ලංකාවේ ජාතිවාදය මුල් කරගෙන ඡන්ද සටන ගෙනගිය මිලිටරි පවුලක් නැවතත් බලය අත්පත් කරගෙන ඇතිය යන්න දක්වමිනි. එහි නිවේදිකාව ඉදිරිපත් කරන කරුණු බොහොමයක්

දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන එල්ල කළ සාවද්‍ය කරුණු වලින් පිරී පවතින අතර එම වැඩසටහන අවසාන භාගයේ අවසන් මානුෂීය මෙහෙයුම පැවති ස්ථානයක් ආසන්නයේ සිට හැඩූ කදුලින් යුතුව යුද්ධයෙන් තම පිරිස අසාධාරණයට ලක්වූ බවට දැරියක කරන ප්‍රකාශයක්ද පෙන්වනු ලබයි. සමස්ත වැඩසටහනම ඉලක්ක කර තිබෙන්නේ යුද අපරාධ කරුවෙකු ලංකාවේ ජනපතිවරයා වී ඇති බවක් පෙන්වන්නටය.

මෙම වැඩසටහන තුළදී එල්ටීටීඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වන්නේ නැති අතර විප්ලවවාදී සංවිධානයක් ලෙස පමණක් අර්ථ නිරූපණය කිරීමද විශේෂිතය.

ශ්‍රී ලංකා පාලන වෙනස, එහි නායකයින් සහ හමුදාව ගැන බීබීසී නාලිකාව පවසන දේ දැඩි ලෙස අපහාස සහගතය. තොරතුරු සඳහා බීබීසී භාවිතා කර ඇති මූලාශ්‍ර සත්‍ය චිත්‍රය විකෘත කිරීමකි.
මෙම වීඩියෝව යූටියුබ් වෙත මුදාහැර ඇති නමුත් එහි ප්‍රතිචාර (කොමෙන්ට්ස්) කොටස කිසිවෙකුට ප්‍රතිචාර දැක්විය කළ නොහැකි ලෙස ආවරණය කර ඇත.

ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ පිළිබද බීබීසී සේවය සිදුකළ අසත්‍ය ප්‍රචාර ඉවත් කර නිවැරදි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා ඊයේ (21දා) බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතා පා ගමනක්ද පැවැත්විණි.
විරෝධතා පා ගමනකින් පැමිණි මහා සංඝරන්නය, අන්‍යාගමික පූජකවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ බ්‍රිතාන්‍ය අගමැතිවරයාට භාරදෙන ලෙස සන්දේශයක් බාර දුණි.
මේ අතර ලක්ෂ එකහමාරක් විරෝධය පළකරන්නට අන්තර්ජාල පෙත්සමක්ද මේවනවිට අත්සන් කරමින් පවතී.
 බීබීසී වාර්තාව පහළින් ඇත.


එම පෙත්සමට යොමුව මෙසේය.
https://www.change.org/p/director-general-of-bbc-stop-bbc-fake-news-about-sri-lankan-tamil-genocide-their-material-is-encouraging-hatred