තම ජයග්‍රහණයට සුබ පතමින් දිවයින පුරා ප්‍රදර්ශනය කර ඇති සියලුම ප්‍රචාරක පුවරු ඉවත් කරන ලෙසට හා මැතිවරණ සමයේ දී විවෘත කළ සියලුම ප්‍රචාරන කාර්යාල වසා දැමීමට පියවර ගන්නා ලෙස ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ
මහතා ඊයේ (21) වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න  මහතාට උපදෙස් දී තිබේ.පොලිස්පතිවරයා මෙම නියෝගය සම්බන්ධයෙන් ඊයේ දිනයේදීම සියලුම  පොලිස් ස්ථානාධිපතිවරුන් හා උසස් නිලධාරින් දැනුවත් කර ඇත.

දැන්විම් පුවරු හා මැතිවරණ ප්‍රචාරණ කාර්යාල ඇති ස්ථාන පිළිබඳව සොයා බලා ඒවා ඉවත් කිරිමට කටයුතු කරන බව ද එම නිලධාරියා කීය.  ඒ අනුව පොලිසිය හා දේශපාලන ආධාරකරුවන් එක්වී ඊයේ දිනයේ දී දැන්වීම් පුවරු ඉවත් කිරිම හා මැතිවරණ ප්‍රචාරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. පරිසර හිතකාමීව තමන් ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂක ධුරයට පත් වූ දිනයේ දීම ප්‍රකාශ කර තිබිණ.

-ඉන්දිකා රාමනායක-