ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර මෝදි මහතා කළ

ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන තිබේ.  ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දීය සංචාරයකට නුදුරේදීම එක්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ පත්වන රාජ්‍ය නායකයෙකු සිය පළමු නිල විදේශ සංචාරය ලෙස සාම්ප්‍රදායිකව යොදාගන්නේද ඉන්දීය සංචාරයකි.
මේ අතර මෝදි මහතා ඊයේ (17දා) දුරකථනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමිතා සුබ පැතුම් එක්කර තිබේ. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව සමග සමීපව කටයුතු කරමින් සංවර්ධනය හා ආරක්ෂාව තහවුරු කරන බවයි,