තිරිගු පිටි අලෙවි කරන සමාගමක් රජයේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දමා තිබෙන නිසා පාන් හා කෙටි ආහාර මිල ඉහළ දැමීමේ තීරණය තාවකාලිකව
කල් දැමීමට බේකරි හිමියන්ගේ සංගම් ඊයේ (18දා) දින තීරණය කර තිබේ. රුපියල් අටකින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම  නිසා පාන් හා කෙටි ආහාර මිල ඊයේ සිට ඉහළ දමන බවට බේකරි සංගම්
පෙර්දා (17) දින ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
එහෙත් තිරිංගු පිටි මිල ඉහළ දමා තිබෙන්නේ රජයේ අවසරයකින් තොරව බවට පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කිරීම නිසා අද (19දා) දිනය තුළ තිරිඟු පිටි මිල ඉහළ දැමූ සමාගම් මිල පහළ දමින බවට රිශියේ සිදුකර තිබෙන ප්‍රකාශ සැලකිල්ලට ගෙන පාන් ඇතුළු කෙටි ආහාර මිල ඉහළ දැමීම‍ෙගෙන තිබූ තීරණය තාවකාලිකව කල්දමා තිබේ,  එහෙත් අද (19දා)  දිනය තුළදී තිරිඟු පිටි මිල පහළ දැමීමිට කටයුතු නොකළහොත් පාන් ඇතුළු කෙටි ආහාර මිල ඉහළ දැමීමට ගෙන තිඛෙන තීරණය ක්‍රියාත්මක කිරීමට බේකර් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

- එච්.අයි. කුමාර