ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම තහවුරු කරන ලෙස ඉල්ලා කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ දිනයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාවන් සමච්චලයට ලක් කරමින්

විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින් හාස්‍ය මුසු පුවත් පළ කර තිබේ.
'ගෝටාට විරුද්ද නිදහස් චතුරස‍්‍ර උපවාසකාර භික්‍ෂුව රාත‍්‍රියේ පැන යයි… ඇබිත්තයෙක් ටෙම්පරිය අදී.. 'යයි සඳහන් කරමින්
හිමි නම ඊයේ රෑ අතුරුදන්ව සිටි බවත්

එතැන සිටියේ ඇබිත්තයෙකු බවත් එහි දක්වා ඇති අතර හමි නම කිසියම් බීමක් පානය කරන අයුරු ඡායාරූපයක්ද එහි දක්වා ඇත.
ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගෝඨාභය වෙනුවෙන් කථා කළ නීතීඥ අලි සබ්‍රි ඇමරිකානු පුරවැසිකම අත්හැරිය බවට සහතික කරන ලියැවිලි මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කළ නමුත් මෙම හිමියන්ගේ උපවාසය නවතන්නට ඒවා හිමියන්ට ඉදිරිපත් කරන බවක් සඳහන් කර තිබුනේ නැත.