වැට් බද්ද - ජාතිය ගොඩනැගීමේ බද්ද හා වරාය  හා ගුවන් තොටුපොළ බද්ද රජය මඟින් අඩු කළේද  එම බදු අඩු කිරිමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුවිමට කිසිදු බලපෑමක් නැතැයි අත්‍යවශ්‍ය ආහාර
ආනයනකරුවන්ගේ හා තොග
වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවැසීය.අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රේගු බඳු අයකරන බවත් එම  නිසා මෙම බුදු අඩුකිරීමෙන් එම ආහරද්‍රව්‍යවලට බලපෑමක් ඇති නොවන බවත් ඔහු කීය.

අර්තාපල් ආනයනය කිරිමේදී කිලෝවයක් සඳහා  රුපියල් 50ක්ද බී ලූනු ආනයනය කිරීමේදී කිලෝවකට රුපියලක්ද යනාදී වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී බදු අයකරන බව පැවසු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පරිප්පු, සුදුලූනු, සීනි ඇතුළු භාණ්ඩ කීපයක මීට වසර 10කට පෙර පැවති මිලටම තවමත් අලෙවි වීම විශේෂත්වයක් බවද පැවසීය. මේ අතර පෞද්ගලික සුපිරි වෙළඳසල් ආහාරද්‍රව්‍ය මිලදී ගනු ලබන්නේ පිටකොටුව තොග වෙළද පෙළෙන් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගෙන් බවත් මෙම බදු සහන නිසා ඔවුන්ට භාණ්ඩ මිල අඩු කිරීමේ හැකියාවක් තිබිය හැකි බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

-මහින්ද නිශ්ශංක-