නගර අලංකරණයට හානිවන පරිදි බස්‌නාහිර පළාත පුරා තැන තැන අලවා තිබෙන පෝස්‌ටර් සහ සවිකර තිබෙන බැනර්, කටවුට්‌ වහාම ඉවත් කරන ලෙසට බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොළ මහත්මිය පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබේ.


 නගර
අලංකාරවත් කිරීම හා නගර පිරිසිදුව පවත්වාගෙන යැම එහි අරමුණ බව ඇය පැවැසුවාය.

 තැන තැන අලවා තිබෙන පෝස්‌ටර් සහ සවිකර තිබෙන බැනර් කටවුට්‌ ඉවත්කිරීමේ කටයුතු පොලිසිය විසින් ද මේ වනවිට අධීක්‌ෂණය කරනු ලබයි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ අදහසකට අනුව ආරම්භ කර ඇති පරිසර ආරක්‌ෂක සහ නගර අලංකරණ වැඩසටහන යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි නගර පවිත්‍ර කිරීමේ වැඩසටහනක්‌ මේ වනවිට ක්‍රියාත්මකව පවතී.

 ගතවූ කාලය තුළ කිසිදු කලඑළියක්‌ නොතිබූ නගර සියල්ලම මෙලෙස අලංකාරවත් කිරීම පිරිසිදු කිරීම සම්බන්ධයෙන් රටේ මහජනතාව ජනාධිපතිවරයාට ස්‌තුතිය පුදකර සිටිති..

 ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා