https://www.gossiplankanews.com/2019/11/fake-news-price-hike.html
නතාවට සෘජුවම බලපාන කාරණාවක් වූ පිට මිල ගැන ව්‍යාජ පුවත් මවා ඒවා සත්‍ය ලෙස ප්‍රචාරය කර හැරීමක් සම්බන්ධ මුදල් අමාත්‍ය මංගල සමරවීර වහා පරීක්ෂණයක් අරඹා තිබේ.
අද දින දහවල් ලංකාදීප සියත ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පළවී තිබෙන මෙම ආරංචියෙන් කියැවුනේ ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රීමා සමාගම විසින් දිවයිනේ සියලුම
ප්‍රීමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇති බවකි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිඟු පිටි රු 8.50 ඉහළ දැමීමත් සමඟ ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රු 104.50 දක්වා ඉහළ යන බවත්, මෙයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ පවසන බව එම පුවතයි.


ඒ අනුව අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර ගණනකින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසූ බවද දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනේ මෙසේය.
'මේක පට්ටපල් බොරුවක් සම්පූර්ණයෙන් සාවද්‍ය ප්‍රකාශයක් මෙවැන්නක් කරන්න නම් රජයේ අනුමැතිය හා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි විය යුතුයි. එවැනි අනුමැතියක් නොදී මෙවැනි පුවතක් කවුරු පළ කරාද කියන එක ගැටලුවක්. යම් විදිහකට හෝ කිසිම වෙළෙන්දෙක් මිල ඉහළ දමා ඇතිනම් ඒ අය අත්අඩංගුවට ගත හැකියි.'
මේ අතර පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ දන්වා තිබෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් වූ පිටි මිල මේ ආකාරයට කිසිසේත් ඉහළ දමන්නට හැකියාව නැති බවත් බොරු පුවතක් මවා මහජනතාවට රජය ගැන අප්‍රසාදය ඇති කරවා මැතිවරණ වාසි ගැනීමට මෙවැන්නක් ප්‍රචාරය කර ඇති බවයි.

මේ අතර පාන් මිල ඉහළ දමන බව කී බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා නැවත ප්‍රකාශ කළේ තමා පාන් මිල ඉහළ දමන බවට මුලින් කිව්වේ ප්‍රීමා සමාගම මිල ඉහළ ගිය බව උදෑසන දැන්වූ නිසා බවය. නමුත් පසුව එම සමාගම එවැනි ඉහළ දැමීමක් නැතැයි දහවල් දැන්වූ බවත් දේශපාලන උවමනාවකට එවැනි වෙනසක් කරන්නට ඔවුන් උත්සාහ දරා ඇති බවත් වැඩේ ගැස්සී නැවත මිල ඉහළ දැමීම නොකරන බව දන්වා සිටි නිසා පාන් මිල ඉහළ දැමීමට තම සංගමයට දැන් අවශ්‍යතාවක් නැති බවයි.