ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කළ ඡන්දදායකයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව මගින් තාවකාලික අවසරපත්(ඡායාරූප සහිත)ලක්ෂ 2ක් පෙරේදා (13) මැතිවරණ කොමිසමට බාරදුන් බව එම

දෙපාර්තමේන්තුවේ
කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා  ඊයේ (14) පැවසීය.

සිය අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම තාවකාලික අවසර පත් මැතිවරණ කොමිසම  දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීන් හරහා අදාළ ග්‍රාම නිලධාරින් වෙත යවා ඇතැයි ද ඔහු කීය. මෙතෙක් තාවකාලික අවසර පත් ලැබී නොමැති අය සිය අනන්‍යතා සඳහන් කර තම ඡායාරූපය සහතික කරන ලද ලිපියක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බවද ඔහු කීය. මේ පිළිබඳව මැතිවරණ කොමිසම අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇතැයි ද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

-ජයන්ත සමරකොන්-