අධිවේගි මාර්ගවල බස් ගාස්තු රුපියල් 10 කින් හා 20 කින් අඩු කිරිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව
තීරණය කර තිබේ.
අධිවේග මාර්ග සඳහා අය කරන ගාස්තු රජය මගින් ඉකුත් දා සිට අඩු කිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව කොමිසම පවසයි. බස් ගාස්තු අඩුවීම හෙට (16) සිට ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මෙම අධිවේගි මාර්ගවල ධාවනය කරන බස්  රථ ගාස්තු අඩුවිමට ප්‍රවාහන හා සිවිල් ගුවනේ
අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.


-මහින්ද නිශ්ශංක-