https://www.gossiplankanews.com/2019/11/jayathma-wicremanayake-time-next-leader-sri-lanka.html
'මගේ ජීවිතයේ මා මුහුණ දුන් අභියෝග මම සැලකුවේ මට ලැබුණු අවස්ථාවන් ලෙසයි. අධිෂ්ඨානය හා කැපවිම ජයග්‍රහණය මාවත හැටියටයි මම දකින්නේ.
මට මේ ලැබන අවස්ථා සහ තනතුරු ආහරණ කර නොගෙන ඒවා සියල්ල ලෝකයේ අන් අය වෙනුවෙන් සේවය කළ හැකි ආම්පන්න කර ගැනීම මගේ අරමුණ'
ඇමෙරිකාට් ටයිම් (TIME) සඟරාව මගින් ප්‍රසිද්ධියට පත්කර ඇති අනාගතයේ ලෝකයේ ව්‍යාපාර, දේශපාලන, ක්‍රීඩා, විනෝදංශ, සෞඛ්‍ය සහ විද්‍යා ක්ෂේත්‍රවල වැඩියෙන්ම බලපෑම් කළ හැකි සිය දෙනකුගේ නම් ලැයිස්තුවට ඇතුළත්වූ ශ්‍රී ලාංකික තරුණියක වන ජයත්මා වික‍්‍රමනායක මහත්මිය එසේ කියා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතවරිය ලෙස කටයුතු කරන ජයත්මා වික්‍රමනායක මහත්මිය ලොව පුරා තරුණ පිරිස් සමග සම්බන්ධ වෙමින් 2030 තරුණ කටයුතු පිළිබඳ තිරසර සංවර්ධනය සඳහා වූ ප්‍රතිපත්ති සැකසීම අගය කරමින් ඇය මෙම ලැයිස්තුවට තේරි ඇත.
ජයත්මා වික්‍රමනායක මහත්මියට අමතරව ලොව පුරා වෙසෙන කලාවේදීන්, තරුණ නීතිඥයින්, නායකයින්, ව්‍යවසායකයින් ආදී ක්ෂේත්‍රවල තරුණ තරුණියන් මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

1990දී බෙන්තොට හබුරුගලදී උපත ලැබූ ජයත්මා අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී විද්‍යාවේදී උපාධියක් හිමිකරගෙන ඇත.
ජයත්මා වික්‍රමනායක මහත්මියගේ පියා වනුයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කර විශ්‍රාම ලබා සිටින පියල් මහානාම වික්‍රමනායක මහතාය. මව  ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශිකාවකි. පවුලේ වැඩිමල් දරුවා වන ඇයට තවත් සොයුරියන් දෙදෙනෙක් සිටිති.
 29 වියේ පසුවන ජයත්මා වයස අවුරුදු 21 සිටම
 එක්සත් ජාතීන්ගේ තරුණ සංවර්ධන වැඩ සටහන් රැසක් නියෝජනය කර ඇත. 2016 සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියකි.
2017 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටිරේස් මහතා විසින් ඇය සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත්කරනු ලැබුවේය.

ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත්කිරීම ඇතුළු එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ වැඩසටහන් රැසක් සඳහා ජයත්මා වික්‍රමනායක මහත්මිය ලබාදුන් දායකත්වය අගය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ අවස්ථාවේදී නිවේදනයක් නිකුත්කර තිබූ අතර තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමින් ද ඇය ප්‍රමුඛ කාර්යයක් ඉටුකර ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබිණි.


ටයිම් සඟරාවෙන් නම්කර ඇති විශිෂ්ටයන් අතරට තමාද තේරීම පිළිබඳව ජයත්මා වික්‍රමනායක මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සිංහලෙන් සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

"බෙන්තොට හබුරුගල ඉපදිලා 5 වසර ශිෂ්‍යත්වය පාස්වෙලා, විශාඛා එකට ගිහින් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගෙන. 2015 පරිපාලන සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා, 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත්වුණ එකම කෙනා වෙලා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූතවරියක් විදිහට වැඩකරන, ලෝකයේ අනාගතයේ බලවවේ යැයිTIME සගරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුණේ නිදහස් අධ්‍යපනය නිසායි. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝම පින්”

 මේ වන විට කෙන්යාවේ සිය රාජකාරී කටයුතුවල නියැලී සිටින ජයත්මා නාවික හමුදාවේ ලුතිනන් වරයකු වූ දයාන් ඩයස් මහතා සමග විවාහ වූ අතර දෙදෙනාම දැනට ඇමෙරිකාවේ නිව්යෝරික් නගරයේ ස්ථිර පදිංචිය ලබා පදිංචි වී සිටිති.

ගැහැණු ළමයක් කියලා කිසිදා පසුබාන්න එපා. පිරිමින්ට කරන්න හැකි දේ  බැහැ කියල මවුපියන් හිතන්න එපා. පුංචි කාලේ පටන් සමාජ වටිනාකම් එක්ක හැදෙනවානමි අපට අපව විශ්වාසනම් අපට අපේ මවුපියන්ගෙන් නිසි ගුරු හරුකම් ලැබෙනවානම් ලෝකේ කිසිම දෙයක් ගැහැණු ළමයින්ට කරන්න බාධාවක් නැහැ කියලා මම විස්වාස කරනවා. මිට පෙර තමන්ගේ දුව අභියෝග ජය ගැනීමට
යන්න හදද්දි වැලක්වුවා නම් මීට පස්සේ එහෙම කරන්න එපා යයි මවුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඇය පවසන්නීය.

ලෝක ප්‍රසිද්ධ Time සගරාව පළ කළ විස්තරය:
https://time.com/collection/time-100-next-2019/5721328/jayathma-wickramanayake/

සම්පුර්ණ ලැයිස්තුව:
https://time.com/collection/time-100-next-2019/