අනියම් බිරියගේ නිවෙසේ ගෙල වැලලාගෙන මිය ගිය බව සැක සැමියකුගේ මෘත දේහය නීත්‍යනුකූල බිරිය ගෙන්වා ඇයට භාරදීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා වෙයි. මෙසේ මියගොස් ඇත්තේ පල්ලේගම ජනපදයේ පදිංචිව සිටි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා මන්දාරම්නුවර ප්‍රදේශයේ කාන්තාවක සමඟ විවාහවී දරුවන්
දෙදෙනකු සිටින පියෙකි.
එම විවාහයට අමතරව  පල්ලේගම ප්‍රදේශයේ තවත් කාන්තාවක් සමඟ ජීවත්ව සිටි බව පොලිස්
පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
දෙවැනි බිරියත් සමඟ ජීවත් වන අතරතුරදී ඔහු තවත් කාන්තාවන් කීපදෙනකු ඇසුරු කර තිබෙන බවත් ඔහුගේම පුංචි අම්මා සමඟද ඇසුරක් හෙළිවීම නිසා

දෙවැනි බිරිය සමඟද ඔහු නිතර නිතර අඬදබර
ඇතිකර ගත් බවත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත.
පසුගිය මාසයක පමණ කාලයක සිට සිය අනියම් බිරිය සමඟ අමනාප වී  ඔහු වෙනත් ප්‍රදේශයක ජීවත් වී
නැවත නිවෙසට පැමිණ තම අනියම් බිරිය සමඟ එකට ඇඳේ නිදා ගැනීමට ඇවැසි බව ප්‍රකාශ කිරීමත්
සමඟ දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වී ඇත. තමාට ඔහු සමඟ එක ඇඳේ නිදා ගැනීමට නොහැකි බව පවසා අනියම් බිරිය වෙනත් කාමරයක නිදා ගත් බවද එහිදී අතිශය කලකිරීමට පත්වූ ඔහු වේදනාවෙන් හඩමින් සිටි බවත් පසුව එදින රාත්‍රියේ කිසිදු ශබ්දයක් නොමැති නිසා කාමරයට ගොස් බලද්දී මෙම පුද්ගලයා ගෙල වැලලාගෙන සිටින අයුරු දැක ගන්නට ලැබූ බවත් අනියම් බිරිය දන්වා ඇත.
අසල්වාසීන්ගේ සහායෙන්  අනියම් බිරිය ඔහු රෝහලට රැගෙන ගිය බවත් ඒ යන විටත් ඔහු
මිය ගොස් සිටි බවත් වාර්තා විය.
මියගිය පුද්ගලයාට දරුවන් දෙදෙනකු සිටින බවත් අනියම් බිරියටද දරුවන් තිදෙනකු සිටින කාන්තාවක් බවත් වැඩිදුර වාර්තා විය.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ පොලිසිය මළ සිරුර භාරදෙන්නේ කටදැයි විමසිලිමත්වූ අතර අවසානයේ නීත්‍යනුකූල බිරියට මෘත දේහය ලබාදුන්නේය.

දඹුල්ල - කේ.කේ. ආරියදාස