https://www.gossiplankanews.com/2019/11/da-rajapaksa-gotabaya-museum-case.html#more
විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ හෝ සිවිල් නඩුවක් පවරා පවත්වාගෙනයාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම නිසා
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිදහස ලැබුවේය.
පසුගිය කාලයේ දිගින් දිගටම කල් තබමින් ගෙනගිය නඩුව අද (21) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරු මඬුල්ල මෙම නියෝගය සිදුකර තිබේ.
මෙම නඩුව නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් නිකුත්කර තිබූ නියෝගයද අවලංගුවූ අතර අධිකරණය භාරයේ පැවති විදෙස් ගමන් බලපත්‍රයද මුදාහරින ලෙස නියෝග කර ඇත. රාජපක්ෂ මහතා

වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් සහ ඔවුන් තැන්පත් කර තිබූ ඇප මුදල් ද මුදාහරින ලෙස නියෝග කර ඇත.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් මිලියන 33.9ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබූ අතර
මෙම නඩුව විභාගය ගැනීම වලක්වා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පරිශ්‍රමයක් දැරුවේ  අවස්ථා කිහිපයකදීම ඉහළ අධිකරණවලින් අතුරු තහනම් නියෝග ඉල්ලා සිටිමිනි.
එම කරුණු අනුව නඩුවේ අවාසි තත්වයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවතිණි.
මෙහි අනෙකුත් විත්තිකරුවන් 06 දෙනා පිළිබඳව ලබන ජනවාරි 10 හෝ ඊට පෙර අධිකරණයට දැනුම්දෙන ලෙසද නියෝග කර ඇත.